IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නේටෝ මහ සමුළුව ඇරැඹේ

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ වාර්ෂික හමුව නෙදර්ලන්තයේ හේග් නුවරදී පැවැත්වෙයි.

ඉරාන ඊශ්‍රායල ගැටුමට අමතරව, නේටෝ නායකයන්ගේ වැඩි අවධානය යොමු වනු ඇත්තේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහිය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමන කර ඇත්තේ ද යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

දින දෙකක් පුරා පැවැත්වෙන නේටෝ වාර්ෂික සමුළුවට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වන්නේ, ඊශ්‍රායලයත් ඉරානයත් අතරේ සටන් විරාමයක් ඇති කිරීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිය දෙවැනි ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු, ට්‍රම්ප් නේටෝ සමුළුවනට සහභාගී වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. නේටෝ මහලේකම් මාර්ක් රූටේ (නෙදර්ලන්තයේ හිටපු අගමැති) ද ප්‍රථම වතාවට මෙම රැස්වීමේ මුලසුන හොබවනු ඇත.

ඊශ්‍රායල ඉරාන අර්බුදයට මැදිහත් වී, සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නේටෝ මහලේකම් මාර්ක් රූටේ, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට සුබ පතා ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී දිගින් දිගටම කියා සිටියේ ඇමෙරිකාව නේටෝවෙන් ඉවත් විය යුතු බවත්, ඇමෙරිකාව, නේටෝ සංවිධානයට ලබා දෙන මුදල් කප්පාදු කළ යුතු බවත්ය.

(අල් ජසීරා)



අදහස් (1)

නේටෝ මහ සමුළුව ඇරැඹේ

fairoos Wednesday, 25 June 2025 11:30 AM

ට්‍රම්ප් ගියතැන ඉවරයි. ආසියා කලාපයට නම් එන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1195 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site