IMG-LOGO

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා



 

ඇමරිකාවේ ධවල මන්දිර ප‍්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට  වයිරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලිව අනාවරණය වී නොමැති නමුත් මුහුණු ආවරණයක් නොමැතිව ප‍්‍රසිද්ධ අවස්ථාවල ඔහු පෙනී සිටි බව වාර්තා වේ.

මේ අනුව ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් මහතාගේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී ක‍්‍රියාකළ පුද්ගලයෙකුට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ ආසන්නම අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේ උතුරු කැරොලිනාවේ ග‍්‍රීන්විල්හි පැවති ට‍්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ රැලියකටද මෙඩෝස් මහතා සහභාගී වී තිබුණි.
 
ට‍්‍රම්ප් මහතාගේ ආධාරකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ධවල මන්දිරයේ පැවති මැතිවරණ දින රාත‍්‍රියේ සාදයකටද ඔහු සහභාගී වී තිබේ.

මේ අතර ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති අතර  සිදු වී ඇති මරණ සංඛ්‍යාව 230,000 කට අධිකය.
 
අඛණ්ඩව තුන්වැනි දිනටත් ඊයේ එරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 127,000 අධික සංඛ්‍යාවක් ඊයේ එරටින් වාර්තා විය.

කොරෝනා වයිරසයේ පැතිරීම එරට ජනාධිපතිවරණයේ ප‍්‍රධාන මාතෘකාවක් බවටද පත්වුණි.

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site