IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ධුරයට සමුදෙන ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා

අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන තමන්, තම විවාහ ජීවිතයෙන් ද සමුගැනීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් සිය ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ.

සන්නා මරීන් විවාහ වී සිටියේ මාර්කස් රයික්කූනන් සමඟය. දෙදෙනා දැන හඳුනාගෙන වසර 19 ක් තිස්සේ එකට ජීවත් වුණු අතර විවාහ වී වසර 3 කි.

දෙදෙනාට පස් හැවිරිදි සිඟිති දියණියක ද සිටී. දික්කසාද වීමෙන් පසුවත් හොඳ යහළුවන් ලෙස දිගටම මාර්කස් ඇසුරු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සන්නා මරීන් පවසා තිබේ.

37 හැවිරිදි සන්නා මරීන් ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 වසරේ දී සන්ධාන ආණ්ඩුවකට නායකත්වය දෙමිනි.

පසුගිය දා පැවැත්වුණු ෆින්ලන්ත මහ මැතිවරණයෙන් මරීන් සහ ඇගේ පක්ෂය පරාජයට පත් විය.

එදා 2019 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අවස්ථාවේදී සන්නා මරීන් ලොව ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ද වූවාය.

(රොයිටර්)

 



අදහස් (0)

ධුරයට සමුදෙන ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 245 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site