IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


දූෂණ වංචා පිටුදකින්න දිවිහිමියෙන් සටන් කරනවා

හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වන එරට භාරකාර ජනපති නිකලස් මදුරෝ ඊයේ (9) මටුරීන් නුවර පැවැති ජන රැලියකදී කියා සිටියේ රටේ දූෂණ වංචාවලට තමන් කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඊට එරෙහිව සටන් කිරීමට තමා දිවි හිමියෙන් කටයුතු කරන බවත්ය.
මියයෑමට පෙර තම අනුප‍්‍රාප්තිකයා ලෙස ද චාවේස් නම් කළේ මදුරෝය. ඔහු වෙනිසියුලාවේ උප ජනපති ධුරය ද හෙබවීය. ඔහු වෙනිසියුලාවේ භාරකාර ජනපති ධුරයට පත් වූයේ චාවේස්ගේ අභාවයෙන් පසුවය.
දූෂණ වංදාවලට එරෙහි වෙන බව මදුරෝ පොරොන්දුවක් ලබා දුන්නේ ලබන මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂක මෙන්ම විපක්ෂ නායකයා ද වන හෙන්රීකේ කැප්රිලේ කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි. කැප්රිලේ පෙරේදා පැවැත්වූ ජන රැලියේදී කියා සිටියේ රටේ දූෂණ වංචා ඉහවහා ගොස් ඇති බවය.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ ද කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාවේ සහාය ද හිමිවූයේ ඔහුටය.



අදහස් (0)

දූෂණ වංචා පිටුදකින්න දිවිහිමියෙන් සටන් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site