IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දලයි ලාමා අනුප්‍රාප්තිකයා ගැන කියයි

90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වැනි දලයි ලාමා තුමන්, මිලියන ගණනක් අනුගාමිකයන්ට පවසා ඇත්තේ, තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.

90 වන ජන්ම දිනය සැමරීම සඳහා පැවති උත්සවයක් අතරතුරදී දලයි ලාමා තුමන් මෙසේ අදහස් දැක්වීය.

ටිබෙට් සම්ප්‍රදායට අනුව, ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවකගේ ආත්මය ඔහුගේ මරණයෙන් පසු දරුවෙකුගේ ශරීරය තුළ නැවත ඉපදීම සිදුවෙයි. 1935 ජූලි 6 වන දින ටිබෙටයේ ටක්ට්සර් හි ගොවි පවුලක උපත ලැබූ 14 වන දලයි ලාමාතුමා වයස අවුරුදු දෙකේදී 13 වන දලයි ලාමාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගැනුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසා ඇත්තේ දලයි ලාමා තුමන්ගේ මීළඟ අනුප්‍රාප්තිකයාගේ අනන්‍යතාවය අනුමත කිරීම සිදු කරනු ලබනු ඇත්තේ චීනය විසින් බවත් එය සියවස් ගණනාවක් පැරණි චාරිත්‍රයක් හරහා චීනයේ සිදු කළ යුතු බවත්ය.

චීන පාලනයට එරෙහි අසාර්ථක නැගිටීමකින් පසු 1959 වසරේ දී ටිබෙටයේ සිට ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා චීනය සලකන්නේ බෙදුම්වාදියකු ලෙසය. දලයි ලාමාතුමා මීට පෙර ද පවසා ඇත්තේ තම අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බවත් චීනය විසින් තෝරා ගනු ලබන ඕනෑම අයකු ප්‍රතික්ෂේප කරන ලෙස තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින බවය.

දලයි ලාමා තුමන් ලෝකයේ වඩාත්ම බලගතු ආගමික චරිතයක් ලෙස සැලකේන අතර බුද්ධාගමට එහා ගිය අනුගාමිකත්වයක් ඇති අතර 1989 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. 90 වැනි වියට පාතබන උන්වහන්සේ 21 වන සියවසේ අසමසම ගුරුවරයා ලෙසද පිදුම් ලැබ තිබේ. 

අහිංසාව, අන්තර් ආගමික සංවාදය සහ ටිබෙට් සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වූ කැපවීම සඳහා 14 වන දලයි ලාමාතුමා ප්‍රකටය. එමෙන්ම ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සහ ටිබෙට් සංස්කෘතිය සහ නිදහස සඳහා ප්‍රමුඛතම ගෝලීය උපදේශකයා ලෙස සැලකෙන්නේ දලයි ලාමා තුමන්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දලයි ලාමා අනුප්‍රාප්තිකයා ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 209 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 101 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site