
ගාසා තීරයේ දකුණු කෙළවරේ, රෆා නගරයට නුදුරින් පිහිටුවා ඇති සරණාගත කඳවුරක කුඩා දරුවන් 100 කට වැඩි පිරිසක් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් සියලු දෙනාට ඇත්තේ එක් පොදු වැසිකිලියක් බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි.
බටහිර මාධ්‍ය මේ බව වාර්තා කළේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමිවී, රෆා නගරයට එක් රොක් වුණු පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින ‘ඔක්ස්ෆැම්’ සංවිධානය ලබා දුන් විස්තර අනුවය. ‘ඔක්ස්ෆැම්’ යනු දිළිඳුකම පිටුදැකීමට සහ සමානාත්මතාවක් ඇති කිරීමට උත්සාහ ගන්නා රාජ්‍ය නොවන ජගත් සංවිධානයකි.
ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවටත් මායිම් වෙයි. රෆා යනු ඊජිප්තු දේශසීමා මායිමට නුදුරින් පිහිටි ගාසා නගරයයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල සිටය.
උතුරු ප්‍රදේශවල ගාසා වැසියෝ සියලු දෙනා පණ බේරා ගනිමින් රෆා නගරයට පැමිණ නගරය අවට සරණාගත කඳවුරු රැඳී සිටිති.
මේ වනවිට බටහිර රටවල විරෝධය මැද ඊශ්‍රායල හමුදා රෆා නගරයට ද ප්‍රහාර එල්ල කරයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවෝ 100 යි: එක වැසිකිළියයි
ජයනාත් Wednesday, 05 June 2024 07:16 AM
ලංකාව ට එරෙහිව තවමත් බෙරිහන් දෙන මානව හිමිකම් සංවිධාන ගාසාවල නිදි
Nimal Wednesday, 05 June 2024 11:55 AM
ඔය ඔක්කොටෝම මුල තණ්හාව...