සංවර්ධනය වෙමින් පවතින මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ඞී8’ සමුළුව ඊයේ (22) විශේෂ ආරක්ෂක රැුකවල් මැද පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ විය.
සමුළුව ඇරැඹුණේ පාකිස්තාන අගමැති පර්වේස් අෂ්රෝෆ්ගේ ප‍්‍රධානත්වයෙනි.
‘ඞී8’ සමුළුවට අයත් රටවල් වන්නේ බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරානය, මැලේසියාව, නයිජීරියාව, තුර්කිය සහ පාකිස්තානයයි. ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන තර්ජන මැද මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට පාකිස්තාන රජයට හැකිවීම ඔවුන් ලැබූ ජයග‍්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වී සිටින පාකිස්තානය යළිත් වරක් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවදානය දිනා ගැනීමට සමුළුව ඉවහල් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.
සමුළුව වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යොදා තිබුණු අතර විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද කි‍්‍රයාත්මක කෙරුණි.
ගාසා සහ සිරියානු අර්බුදය ඇතුළු මැද පෙරදිග කලාපයේ ගැටුම් පිළිබඳව සමුළුවේදී සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂක, වෙළෙඳ සබඳතා තරකර ගැනීම කෙරෙහි ද සාකච්ඡා පැවැත්විණි.
සමුළුවට සහභාගී වීමට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඉස්ලාමාබාද් අගනුවරට පැමිණීමට නියමිතව සිටිය ද අවසන් මොහොතේ දී එම තීරණය වෙනස් විය. ඊට හේතු වූයේ හමාස් සටන්කාමීන් සහ ඊශ‍්‍රායල රජය අතර ඇරැඹුණු සටන් විරාමයයි. එම සටන් විරාමයේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ඊජිප්තුවය. ඊජිප්තු ජනපතිවරයකු පාකිස්තානයට පැමිණීමට සූදානමින් සිටියේ දශක හතරකිනි.
නයිජීරියා ජනපති ජොනන් ගුඞ්ලක් ද සමුළුවට සහභාගී වූ අතර නයිජීරියා ජනපතිවරයකු පාකිස්තානයට පැමිණියේ වසර 28 කට පසුවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දැඩි රැකවල් මැද මුස්ලිම් රාජ්‍ය නායක සමුළුව පාකිස්තානයේ
සංජු Sunday, 25 November 2012 02:26 PM
නයිජීරියාව මුස්ලිම් රාජ්‍යයක්ද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)