IMG-LOGO

දකුණු කොරියා අගමැති දෝෂාභියෝගයෙන් නිදහස්

දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරය බාරගත් එරට අග්‍රාමාත්‍ය හන් ඩක් සූ ට එරෙහිව එරට විපක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝගය දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව, වැඩ තහනමට ලක්වී සිටි, අග්‍රාමාත්‍ය හන් ඩක් සූ, යළි දකුණු කොරියානු ජනාධිපති ලෙසත් මුදල් අමාත්‍යවරයා ලෙසත් සිය රාජකාරි කටයුතුවල නියැලෙනු ඇතැයි ද පැවැසෙයි.

දෝෂභියෝගයට ලක් වීමට පෙර, අග්‍රාමාත්‍ය හන් ඩක් සූ, වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ, පසුගිය දෙසැම්බරයේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට ගිය ජනාධිපති යූන් සුක් යෝල් දෝෂාභියෝගයට ලක් වී ඔහුගේ බලතල අත්හිටුවීමත් සමඟය.

යූන් සුක් යෝල්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එහිදී ඔහු එම චෝදනාවලට වරදකරු වුවහොත්, ඔහුට ජනාධිපති ධුරය අහිමි වනු ඇත. ඊට අමතරව, සිර දඬුවම් ද නියම වනු ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දකුණු කොරියා අගමැති දෝෂාභියෝගයෙන් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site