දකුණු අප්‍රිකා රජය සමඟ හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ දකුණු අප්‍රිකා තානාපතිවරයාට ඇමෙරිකාවට පැමිණීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකාවේ දකුණු අප්‍රිකා තානාපතිවරයා වන්නේ ඊබ්‍රහීම් රසූල්ය. මොහු ඇමෙරිකානුවන් මෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරන අයකු බවත්, ඔහු සමඟ කිසිවක් සාකච්ඡා කිරීමට නොමැති බවත් ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී, පලස්තීනුවන්ට සහාය දක්වමින්, ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ සිදු කරන බවට, ජාත්‍යන්තර අප්‍රාධ අධිකරණයට පැමිණිලි කර ඇති රටක් වන්නේ දකුණු අප්‍රිකාවය. ට්‍රම්ප් ඊශ්‍රායලයට සහාය දක්වන අතර, මෙය දකුණු අප්‍රිකාව සමඟ හොඳ හිත පළුදු වීමට එක් හේතුවකි.
(ඒ.එෆ්.පි.)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දකුණු අප්‍රිකා තානාපතිට ට්‍රම්ප්ගෙන් තහනමක්