IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


තෙවැනි ධුර කාලයක් බලයේ ඉන්න ට්‍රම්ප් කැමතියි

තෙවැනි ධුර කාලයක් සඳහා බලයේ සිටීමට තමන් කැමැත්තෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නෛතික බාධා ඉවත් කිරීමට තම නීතීඥවරුන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ඇමෙරිකන් ජනාධිපතිවරයකුට හිමිවන්නේ ධුර කාල දෙකක් පමණි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ එක් ධුර කාලයක් සිවු වසරකට සීමා වෙයි. ධුර කාල දෙකක් සම්පූර්ණ කළ ජනාධිපතිවරයකුට යළි ජනාධිපති ධුරයට පත් විය නොහැකිය.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය 2017 සිට 2021 දක්වා පැවැතිණි. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය විය.

ට්‍රම්ප්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔහුට තව එක් ධුර කාලයක් ඉතිරි වී තිබුණු බැවිනි. ඒ අනුව, 2025 ජනවාරියේ දිවුරුම් දුන් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වන්නේ තව සිවු වසරකිනි.

ට්‍රම්ප් ඇමෙරිකන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තමන් ඇමෙරිකන් ව්‍යවස්ථාව වෙනස් කරමින්, තෙවැනි ධුර කාලයක් ජනාධිපති ධුරයේ සිටීමට කැමැති බවය.

‘මම කරන්නේ විහිළුවක් නොවෙයි. ඒක කරන්න පුළුවන්. නීති වෙනස් කරන්න පුළුවන්. මම එහෙම කරන්න උත්සහ ගන්නවා‘ යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

තෙවැනි ධුර කාලයක් බලයේ ඉන්න ට්‍රම්ප් කැමතියි

Roshan Wednesday, 02 April 2025 07:12 AM

මේක හොඳ දෙයක් නොවේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site