IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තලේබාන් සමඟ සාම කතා පවත්වන්න නවාස් ෂරීෆ් සූදානම්

ප‍්‍රචණ්ඩත්වය අත හැර සාම මාවතකට පිවිසෙන්නැයි තමන් කළ ආරාධනාව තලේබාන් සටන්කාමීන් පිළිගෙන ඇති බවත්, රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඔවුන් සූදානමින් සිටින බවත් පාකිස්තානයේ නව අගමැති ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටින නවාස් ෂරීෆ් පවසයි.

පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ ‘තරීක් ඊ තලේබාන්’ නැමැති තලේබාන් සටන්කාමී සංවිධානයයි.

පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකයා ද වන නවාස් ෂරීෆ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ගැටලූවලට විසඳුම ගිනි අවි හෝ ප‍්‍රචණ්ඩත්වය හෝ නොවේ යැයි කියාය. ඔහු මේ බව කියා සිටියේ ලාහොර් නුවරදීය.

-තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම පහසු නැහැ. නමුත් එය කරන්න බැහැ කියා අත්හැර දැමිය යුතු විකල්පයක් නොවේ. සාම සාකච්ඡුා පැවැත්වීමට අප උත්සහ ගන්න  ඕනෑ” යැයි නවාස් ෂරීෆ් කියා සිටී.

මහ මැතිවරණයට පෙර සිටම ෂරීෆ් තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී පවා ඔහු රජයෙන් ඉල්ලා සිටියේ තාල්බාන් සංවිධානය සමඟ සාම කතා පවත්වන ලෙසටය.

ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේදී පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ ජනතා පක්ෂයට සහ ඊට සහාය දක්වන සන්ධාන පක්ෂවලට තලේබාන් සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වූවා පමණක් නොව, ඔවුහු එම පක්ෂ රැලි සහ පක්ෂ සාමාජිකයන් ඉල්කක කර ගනිමින් ප‍්‍රහාර ද එල්ල කළහ. ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට තර්ජන එල්ල නොවිණි.

‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමීන් ද පවසා ෂරීෆ් අවංකවම සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනී යන නිසා තමන් ඔහුගේ ආරාධනාව පළිගත් බවය.

පාකිස්තාන රජය, තලේබාන් සංවිධානය සතුරකු කර ගත්තේ හමුදා කුමන්ත‍්‍රණයකින් 1999 දී අගමැති ධුරයේ සිටි ෂරීෆ් බලයෙන් නෙරපා බලය අල්ලාගත් ජනපති සහ හමුදාපති පර්වේස් මුෂාරෆ්ගේ රජයයි.

2001 වසරේ දී ඇමෙරිකාව පාකිස්තානයේ අසල්වැසියා වන ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැුඹූ අවස්ථාවේදී, පාකිස්තානයේ මුෂාරෆ් රජය ඇමෙරිකාවට සහාය දුන්නේය.

තරීක් ඊ තලේබාන් සටන්කාමීන් පාකිස්තාන රජයට එරෙහි වූයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීම ඇරැුඹුණේත් එම අවස්ථාවේදීය. එදා සිට අද තෙක්ම එම සටන්කාමීන් පරාජය කිරීමට පාකිස්තාන රජයට හැකිවී නැත.



අදහස් (0)

තලේබාන් සමඟ සාම කතා පවත්වන්න නවාස් ෂරීෆ් සූදානම්

ජෙප් Thursday, 23 May 2013 09:48 PM

ත්‍රස්තවාදීන් සමග මොන කතාද ? ලංකාවේ ආණ්ඩුත් ත්‍රස්තවාදින් සමග ඇති තරම් කතා කර කර හැමදාම රැවටුන. ලන්ඩනයේ සිදුඋන දෙයත්, ඩේවිඩ් කැමරූන් කියූ දෙයත් ප්‍රයෝජනයට ගන්න. ලංකාවේ නායකයත් ත්‍රස්තවාදීන්ට සාම කතාවට ආරාදන කළා. තවත් රැවටුනේ නැ. ත්‍රස්තවාදෙයට එලෙසින්ම පිළිතුරු දුන්නා. ලංකවේ නායකයාව ආදර්ශයට ගන්න.(නදී)

:       0       0

අජී Thursday, 23 May 2013 06:52 PM

සමයේ මල් පිපේවා! (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 11:06 AM

මුළු ලෝකයේම සිදු විය යුතු දෙය ත්‍රස්ත වාදීන් විනාශ කර දැමීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 86 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site