IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තලේබාන් නායකයා ඔබාමාට ලිපියක් යවලා

ඇෆ්ගන් අර්බුදය නිමා කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කරමින්, තලේබාන් නායක මුල්ලා  ඕමාර්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට ලිපියක් යවා ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකු පවසයි. නම හෙලි කිරීමට අකමැති වූ එම රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා පවසන අන්දමට එම ලිපිය ඔබාමාට ලැබී ඇත්තේ ඉකුත් වසරේ ජූලි මාසයේදීය. මේ බව මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ වීමත් සමඟ ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ප‍්‍රකාශක සබිදුල්ලා මුජහීද් ඊයේ (5) ඊ මේල් පණිවුඩයක් හරහා පවසා ඇත්තේ ඇෆ්ගන් තලේබාන්වරුන් කිසිම අවස්ථාවක ඇමෙරිකා ජනපති ඔබාමාට ලිපියක් නොයැවූ බවය. සාම මාවතකට හෝ දේශපාලන මාවකතට හෝ අවතීර්ණ වීමේ කිසිදු අපේක්ෂාවක් නැතැයි ඇෆ්ගන් තලේබාන් සටන්කාමීහු තරයේ කියා සිටිති. එපමණක් නොව විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ බලය යළි අල්ලා ගැනීමටද ඔවුහු උත්සාහ දරති.



අදහස් (0)

තලේබාන් නායකයා ඔබාමාට ලිපියක් යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site