IMG-LOGO

තලේබාන්වරුන්ගේ තර්ජන නොතකා හිටපු ජනපති මුෂාරෆ් යළි පාකිස්තානයට

දීර්ඝ කාලයක් තිස්සේ රටින් පිටුවහල්ව සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් ඊයේ (24) යළි සිය රට පැමිණියේය.

මුෂාරෆ් පාකිස්තානයට පැමිණි අවස්ථාව

හිටපු ජනපතිවරයා යළි පාකිස්තානයට පැමිණියේ මැයි 11 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමටය. මුෂාරෆ් පාකිස්තානයට පැමිණි විගස ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. ඒ, ඔහුට එරෙහි චෝදනා රැසක් එල්ල වී තිබීම නිසාය.ඒ අතර, හිටපු ජනාධිපතිවරයා නැවත පාකිස්තානයට පැමිණියහොත් ඝාතනය කරන බවට තලේබාන් සංවිධානය පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණි. 
මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි. කරච්චි නුවරට පැමිණි මුෂාරෆ් පිළිගැනීමට ඔහුගේ සමීපතමයෝ සහ පක්ෂ ආධාරකරුවෝ බොහෝ දෙනෙක් රැස්ව සිටියහ.
මීට පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ් පාකිස්තානයෙන් පිටුවහල් වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. අවස්ථා කිහිපයකදී යළි සියරට පැමිණීමට උත්සහ කළ ද පාකිස්තාන රජය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ නිසා එම අවස්ථා මඟ හැරිණි.
වත්මන් පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ බිරිය මෙන්ම හිටපු අගමැතිවරියක ද වන බෙනාසීර් බූතෝගේ ඝාතනයට ද මුෂාරෆ් සම්බන්ධ බවට වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන නමුත් එම චෝදනා ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.
අධිකරණයට බලපෑම් කිරීම, බලය අයථා ලෙස භාවිත කිරීම ආදී චෝදනා රැසක් මුෂාරෆ්ට එරෙහිව එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් ඔහුට නඩු පවරා ඇත.
හමුදාපතිවරයාව සිටියදී කිසිදු ලේ වැගිරීමකින් තොරව, මුෂාරෆ් හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තාන ජනපති ධුරයට පත්වූයේ 2001 වසරේ දීය. 2008 තෙක් ඔහු පාකිස්තාන ජනපතිවරයා ලෙස කටයුතු කළේය. හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2007 වසරේ දී එම ධුරයට සමු දී 2008 තෙක් කටයුතු කළේ සිවිල් ජනපතිවරයකු ලෙසය.
2001 වසරේ දී ඇමෙරිකාව සහ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරද්දී, පාකිස්තාන ජනපති ලෙස මුෂාරෆ් ඊට සහාය පළ කළේය. පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් පාකිස්තාන රජය සමඟ ගැටුම් ඇති කර ගත්තේත් රට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඇවිළී ගියේත් එම අවස්ථාවේදීය.



අදහස් (0)

තලේබාන්වරුන්ගේ තර්ජන නොතකා හිටපු ජනපති මුෂාරෆ් යළි පාකිස්තානයට

රීටා Monday, 25 March 2013 11:23 AM

එදා යාපනය බේරා ගැනීමට අපට උදවු කළ ඔබ අපට කිසිදා අමතක නොවේ. (නි)

:       0       0

ලසන්ත Monday, 25 March 2013 12:10 PM

ඔව් මේ මහත්තයා තමයි අපිට මල්ටි බැරල් දුන්නේ (ස)

:       0       0

චූලා Monday, 25 March 2013 12:14 PM

අපිට පාකිස්ථානයෙන් වගේම ඊශ්‍රායලයෙනුත් මල්ටි බැරල් දුන්නා නේද? (නි)

:       0       0

වන්නි Monday, 25 March 2013 01:36 PM

හොද වැඩක් (දී)

:       0       0

ෆාරුක් Monday, 25 March 2013 08:55 PM

ජීවිතය ගැන අවධානමක් ගත්තේ මොකද (දී)

:       0       0

චිත්‍රා Monday, 25 March 2013 10:08 AM

දැක්කාද ඒ පින්තුරේ ඉන්න එඩිතර කම

:       0       0

සංක Monday, 25 March 2013 10:16 AM

එඩිතර කමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site