
දශක ගණනක්, තායිවානය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අමතක කොට චීනය සමඟ නව සබඳතා ආරම්භ කිරීමට ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යය කටයුතු කළේය.
චීනය සලකන්නේ තායිවානය එරට කොටසක් බවය. එහෙයින් තායිවානය සමඟ සෙසු රටවල් සබඳතා පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවකි. හොන්ඩුරාස් රාජ්‍යය චීනය අමතක කර, දශක ගණනක් තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීය. කෙසේ නමුත් එම සබඳතා මේ වනවිට මුළුමනින්ම අවසන් බව මාධ්‍ය වාර්තා කර තිබේ.
හොන්ඩුරාස් රාජ්‍යය ආර්ථික අර්බුදවලින් පීඩාවට පත් වී සිටී. තමන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක ණයක් දෙන්නැයි හොන්ඩුරාස් රජය තායිවාන රජයෙන් ඉල්ලා සිටියේ මීට මාසයකට පමණ පෙරය.
කෙසේ නමුත් එම ඉල්ලීම තායිවානය ප්‍රතික්ෂේප කළේය. තායිවානය සමඟ සබඳතා අවසන් වීමටත්, චීනයට ළං වීමටත් හොන්ඩුරාස් රජය තීරණය කළේ ඒ නිසා විය හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවානය අමතක කර චීනයට ළං වෙයි