
තායිලන්තයේ මහා වජ්‍රලෝංග්කෝන් රජුගේ වැඩිමල් පුතු 42 හැවිරිදි වච්‍රසෝන් විවාචරොන්ග්, වසර 27 කට පසු යළි තායිලන්තයට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
වච්‍රසෝන් විවාචරොන්ග් ජීවත් වන්නේත් රැකියාව කරන්නේත් ඇමෙරිකාවේය. විවාචරොන්ග් තායිලන්තයේ බැංකොක් අගනුවරට පැමිණියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක, අඩුආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ගේ සුබසාධනය වෙනුවෙන් පැවැති සමාජ සේවා වැඩසටහනකට සහභාගී වීමටය.
‘මම ආපසු තායිලන්තයට ආවේ වසර 27 කින්. මට උණුසුම් පිළිගැනීමක් ලැබුණා.’ යැයි මාධ්‍යවේදීන් හමුවේ වච්‍රසෝන් විවාචරොන්ග් පවසා තිබේ.
71 හැවිරිදි මහා වජ්‍රලෝංග්කෝන් රජුට පුතුන් සිවු දෙනෙකි. වච්‍රසෝන් විවාචරොන්ග් රජුගේ දික්කසාද වූ දෙවැනි බිරිඳ යුවල්හිදා පොල්ප්‍රසාත්ගේ පුත්‍රයෙකි. රජු සහ යුවල්හිදාල දික්කසාද වූයේ 1994 වසරේදීය.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2078
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්ත රජුගේ වැඩිමල් පුතු ආපසු එයි