
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටී සිදුවුණු අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අනතුරට හේතුව සංඥා දෝෂයක් බවය. එකිනෙක ගැටුණේ බග්මතී එක්ස්ප්‍රෙස් මගී දුම්රිය සහ නවතා තිබුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි.
අනතුරින් මගී දුම්රියේ මැදිරි 13 ක් දුම්රිය මාර්ගයෙන් පිටතට පෙරැලී ගියේය.
අනතුරින් 19 දෙනෙක් තුවාල ලැබූහ. දුම්රිය මාර්ගයෙන් පිටතට පෙරැලුණු දුම්රිය මැදිරි කීපයක් ගිනිගත් බව ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd