විදුලි බල්බය සොයා ගත්තේ කවුරුන්දැයි ඇසුවොත්, එම පැනයට පිළිතුර තෝමස් අල්වා එඩිසන් ය.
ඇමෙරිකන් ජාතික තෝමස් අල්වා එඩිසන් ප්‍රකට විදුලි බල්බය සොයා ගැනීම නිසාම නොවෙයි. ඔහු නවෝත්පාදකයෙකි. චලන පින්තූර කැමරාව, ෆොනෝග්‍රෑෆ් යන්ත්‍රය, දුරකතනය වැඩි දියුණු කිරීම ආදිය කළේ තෝමස් අල්වා එඩිසන්ය.
එඩිසන් මියගියේ 1931 ඔක්තෝබර් 18 වැනිදාය. ලෝකයම එළිය කළ තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම, තවමත් සුරක්ෂිතව, ටෙස්ට් ටියුබයක ඇති බවත්, එය මිචිගන් ප්‍රාන්තයේ ඩියර්බෝන් නගරයේ, ‘හෙන්රි ෆෝඩ්’ කේතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බවත් එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
‘ෆෝඩ්’ මෝටර් රථ සමාගම නිපදවූයේ හෙන්රි ෆෝඩ් ය. හෙන්රි ෆෝඩ්ගේ මිතුරා තෝමස් අල්වා එඩිසන් ය.
තෝමස් අල්වා එඩිසන් මරණ මංචකයේ සිටිද්දී, හෙන්රි ෆෝඩ්, එඩිසන්ගේ පුත්‍රයා චාල්ස් ට පවසා ඇත්තේ පියාගේ ‘අවසන් හුස්ම’ සුරක්ෂිතව තබා ගැනීම කළොත් එය වටිනවා කියාය.
ඒ අනුව, පුත්‍රයා එඩිසන්ගේ අවසන් හුස්ම වීදුරු ටෙස්ට් ටියුබයට එක්රැස්කරගෙන ඇත. ඇතැයි පැවැසෙයි. ප්‍රදර්ශනයට තබා ඇත්තේ එය යැයි එන්.ඩී.ටීවී. නාළිකාව පවසයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම ප්‍රදර්ශනයට
Dharmatileke Monday, 23 October 2023 05:29 PM
ඇමෙරිකන් ජාතිකයන්ගේ බහුබූත. මීට අවුරුදු ගණනාවකට පෙර “Three mile Island” එකේ න්‍යෂ්ටික බලාගාරයක් පිපුරුණා නම් ඒකෙ විස දුම් කියලා ටින්වල අසුරුවලා විකුණනවා. මේකත් ඒ වගේ වැඩක්...
නිමල් Tuesday, 24 October 2023 05:08 AM
හුස්ම පේන්නේ කාටද?
Chaminda Tuesday, 24 October 2023 06:26 AM
මෙයා හුස්ම ගත්තෙත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ නිකොලා ටෙස්ලා නිසා.
Perera Tuesday, 24 October 2023 07:43 AM
වැරැදිලාවත් රාජපක්ෂ හොර හැතිකරේ එකෙක්ගේවත් ඔහොම කරනවා එහෙම නෙවෙයි...