තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවත්, මසූද් චප්රාසි අත්වුණු ඉරණම තමන්ට ද අත්විඳීමට සිදුවනු ඇති බවත් රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන ඉම්රාන් ඛාන් සිය නීතීඥවරුන් හරහා මාධ්‍ය වෙත දන්වා ඇත.
පසුගිය වසරේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී තිබුණි. ඊට අදාල නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූයේ මසූද් චප්රාසි නමැත්තාය. ඒත් විශේෂ ආරක්ෂාවක් යටතේ සිටි මසූද් චප්රාසි හදිසියේ මියගිය අතර, ෂෙහ්බාස් ෂරීෆ් ඔහුට එල්ල වුණු චෝදනාවලින් නිදහස ලැබුවේය.
70 හැවිරිදි ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය 9 වැනිදා සවසය. ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා සහ රජය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා ආදී වශයෙන් චෝදනා රැසක් එල්ල වී තිබේ. පසුගිය 9 වැනිදා ඉම්රාන්, සිය පක්ෂ ආධාරකරුවන් ද සමඟ ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණියේ එසේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට පෙනී සිටීමටය.
කෙසේ නමුත් පාකිස්තාන හමුදාවේ අතිරේක බලඇණියක් ඉම්රාන් අධිකරණ භූමියේ දී අත්අඩංගුවට ගත්තේය. ඒ, තවත් දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙනි. පාකිස්තානය පුරා ප්‍රචණ්කාරී ආකාරයට විරෝධතා ආරම්භ වූයේ ඉන්පසුවය.
විරෝධතා හේතුවෙන් ඉස්ලාමාබද් නුවර පොලිස් මූලස්ථානයේදී විශේෂ ආරක්ෂාවක් මැද ඉම්රාන්ට එල්ල වුණු චෝදනා විභාග කිරීම සිදුවිය. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබා දුන්නේය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තමන්ගේ ජීවිතයට තර්ජනයක්