IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඩමස්කස් මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්: 42ක් මරුට

සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ප‍්‍රධාන මුස්ලිම් පල්ලියකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 83 කට වැඩිය.
ප‍්‍රහාරය එල්ල වූයේ ඉමාන් මුස්ලිම් පල්ලියටය. එය සුන්නි මුස්ලිම් පල්ලියක් වන අතර මියගිය අය අතර පල්ලියේ ප‍්‍රධාන පූජක මොහොම්මඞ් අල් බූටී ද සිටී.
පූජක මොහොම්මඞ් අල් බූටී සිරියා රජයට සහ සිරියා ජනපතිට සහාය දක්වමින් කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරන්තරයෙන් විවේචනය කළ අයෙකි.
සෑම සිකුරාදා දිනකම දේව මෙහෙය පවත්වද්දී ඔහු සිරියා කැරැලිකරුවන් විවේචනය කළේය.
ඉමාන් මුස්ලිම් පල්ලියට එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සිදු කරන ලද්දක් බවත්, එය ‘ත‍්‍රස්ත කි‍්‍රයාවක්’ බවත් සිරියානු රජය නිවේදනය කර තිබේ.
බෝම්බකරු පූජක මොහොම්මඞ් අල් බූටී අසලටම පැමිණ බෝම්බය පුපුරුවා ගත්තේ යැයි සිද්ධියෙන් තුවාල ලැබූවෝ පවසති. පූජක අල් බූටීට එල්ල වූ එම ප‍්‍රහාරය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එල්ල වූ ‘මරු ප‍්‍රහාරයක්’ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

ඩමස්කස් මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්: 42ක් මරුට

මධු Sunday, 24 March 2013 04:01 PM

වැදගත් ආරංචියක්. (නි)

:       0       0

අබුසාලි Wednesday, 10 April 2013 02:59 AM

අනේ සංසාරේ! එකම ආගමේ අය නේද මේ? ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට කියන්නේ මේවා පාඩමට අරන් සිංහලයන් එක්ක හොදින් ඉන්න. එකම ආගමේ වෙනස් මත නිසා ඇතිවෙන ගැටුම් ආගම දෙකක් අතර ඇතිවෙන ඒවාට වඩා බයානකයි. (නි)

:       0       0

ජීව Saturday, 23 March 2013 04:48 PM

මුස්ලිම් ආගමේම කොටසක් දැන් හරාම් වී යන වගයි! (නි)

:       0       0

සුමනසේකර Sunday, 24 March 2013 05:57 PM

මේ මොන අපරාධයක්ද (දී)

:       0       0

ලාල් Saturday, 23 March 2013 09:38 AM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site