IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ට්‍රම්ප් ලෙඩ වෙලා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසා ඇත.

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව මේ බව පැවැසුවේ, ට්‍රම්ප්ගේ එම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමිණි.

79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දකින්න ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් දකින්න ලැබෙන ලැබෙන බව පැවැසෙයි. ඒ අනුව, ට්‍රම්ප්, ධවල මන්දිර වෛද්‍යවරයා හමුවට යොමු කළ අවස්ථාවේදී, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ බව ලීවිට් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

එහි ප්‍රතිඵල අනුව, ධවල මන්දිර වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ, ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවය.

කෙසේ නමුත් දැනට මෙය බරපතල තත්ත්වයක් නොවන බවත්, අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් අතර සාමාන්‍ය තත්ත්වයක් බවත් වෛද්‍යවරයා සිය වාර්තාවෙන් පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (6)

ට්‍රම්ප් ලෙඩ වෙලා

රනේ Friday, 18 July 2025 06:10 AM

පේන්න තියෙන්නෙ නම් වෙන අසනීපයක්?

:       1       11

Bunny Preena Friday, 18 July 2025 08:56 AM

ගාසා තීරයේ ඝාතනය කරන ලද දරුවන්ගේ සහ දරුවන්ගේ මව්වරුන්ගේ ශාපයම තමයි ඔහුට ලැබෙන්නේ. වැඩි කාලයක් යාමට පෙරම ඔහුට කෙඳිරි ගගා තමයි ඉන්න වෙනේ. විශ්වාස කරන්න. කලකම් පලදෙන බව.

:       1       17

Jayasekara Friday, 18 July 2025 08:57 AM

මුළු ලෝකෙටම දෙන ගින්දරවලට ඉරිතලලා , පුපුරාලා. තව මොනවා වෙයිද දන්නේ නෑ ඉදිරියට...

:       1       17

Ekanayake Friday, 18 July 2025 09:29 AM

අද (18) ලංකාවෙන් ටීම් එකක් USA එන නිසා බයට ලෙඩ වෙලාද?

:       1       14

Senarath Friday, 18 July 2025 10:21 AM

ගාසා වල , ඉරානයේ මැරෙන අහිංසක දරුවන්ගේ, මිනිසුන්ගේ ආත්මවල සාපයට වෙන්න පුළුවන්.

:       1       14

P.D Goonawardene Friday, 18 July 2025 12:40 PM

ආර් අයි පී බ්‍රෝ....

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16909 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 667 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site