IMG-LOGO

ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එන්න බෑ කියයි

ඩිමොක්‍රටික් ප්‍රතිවාදී ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමඟ අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනී විවාදයට සහභාගි වීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔක්තෝබර් 15 වැනිදා එය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

ට්‍රම්ප් මහතාට කොරෝනා ආසාදනය වීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ විවාදය පැවැත්වීමට තීරණය කෙරිණි.

මේ වන විට ඔහු වෙතින් කොරෝනා රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් මහතා පවසන්නේ විවාදය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම සිය ප්‍රතිවාදියාට ආරක්ෂාකාරී පියවරක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් තමා විවාදයට සහභාගි වන බව බයි්ඩ‍න් මහතා ප්‍රකාශ කරයි.

අමෙරිකානු ජනාධිපතිවරණය ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.


(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (1)

ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එන්න බෑ කියයි

chandima Thursday, 08 October 2020 02:59 PM

පොඩිකාලයේ පන්තියේ පාඩම් පොත කියවන්න දෙන දවසට ඉස්කෝලේ නොයාඉන්න, සුදුළූණු ගෙඩියක් කිහිල්ලේ තියාගෙන බුදියගෙන, පසුවදා උදේට ඇඟ රත්වෙලා උණවගේ කියලා උනගැනෙන්න එනවා කියලා බොරු කියලා පාසල් නොයා උන්නු හැටි මතක් වෙනවා. ට්‍රම්ප් ලෙඩේ ගනිද්දිම මටනම් හිතුණා බොරුවක් කරන්නේ කියලා... ඔය විවාදෙන් ගැලවෙන්නයි, අඩුවෙන ප්‍රසිද්ධිය ආයෙත් ලබාගන්නයි. අපේ රටෙන් ඉගෙනගෙනවත්ද?

:       4       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site