IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවකට සූදානම්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන සතියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් නියෝජිතයන් හමුවීමට නියමිත බව ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත  අනාවරණය කළේය.

නිව්යෝක් ටයිව්ස් පුවත්පතට අනුව, ට්‍රම්ප් හමුවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් නියෝජිතයන් එකඟ කරගැනීමට හැකිවී ඇත්තේ, ට්‍රම්ප් නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, රුසියානු නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුවය. එම සාකච්ඡා ඉතා සාර්ථක වූ බව ධවල මන්දිරය පෙන්වා දී ඇත.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ද ප්‍රමුඛ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් පළමුවෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. ට්‍රම්ප් සහ පුටින් අතර හමුව ඉන් අනතුරුව සිදුවනු ඇත.

එම හමුවේ සාර්ථකත්වය අනුව ට්‍රම්ප්, පුටින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සම්බන්ධ කර ගනිමින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වනු ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් යුරෝපා නාකයනක් සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසා තිබේ.



අදහස් (0)

ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site