IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ට්‍රම්ප්ට සාම තෑග්ග ලැබිය යුතුමයි

ලෝක සාමය වෙනුවෙන් කරන මෙහෙය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය කැරොලයින් ලිවෙට් අවධාරණය කරයි.

කැරොලයින් ලිවෙට් මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දී ඇත්තේ‍, ට්‍රම්ප් දෙවැනි ධුරය අරඹමින්, ධවල මන්දිරයට පැමිණි දා සිට මේ දක්වා ගෝලීය යුද ගැටුම් හයකට මැදිහත් වී, ඒවා අවසන් කළ බවය.

“ජනාධිපති ට්‍රම්ප් තායිලන්තය සහ කාම්බෝජය යුද ගැටුම අවසන් කළා. ඊශ්‍රායලය සහ ඉරානය අතරේ ගැටුම අවසන් කළා, රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර වසර ගණනක් තිස්සේ පැවැති ගැටුම් අවසන් කරමින් සාම වැඩපිළිවෙළක් සඳහා දෙපාර්ශ්වය එක් කළා, ඉන්දියාව සහ පාකිස්තානය අතරේ හටගත් යුද ගැටුම සමතයකට පත් කළා. සර්බියාව සහ කොසෝවෝ ගැටුම විසඳුවා. ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර ගැටුම් අවසන් කළා. ඉතිං මේ වසරේ සාම ත්‍යාගය ජනාධිපති ට්‍රම්ප්ට ලැබිය යුතුමයි” යැයි කැරොලයින් ලිවෙට් පැහැදිලි කර ඇත.

“ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වෙලා ගත වී ඇත්තේ මාස 6 ක් පමණයි. එම මාස 6 ඇතුළත, එක් මාසයකට බැගින් ඔහු ලෝක සාමය වෙනුවෙන් කැප වී ගැටුම් නවත්වා තිබෙනවා. සාම ගිවිසුම් ගැනත් සටන් විරාම ගැනත් සාකච්ඡා පවත්වා තිබෙනවා. නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප් හැර වෙන සුදුස්සකු නැහැ” යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වැඩි දුරටත් අවධාරණය කර ඇත.

මේ අතර තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි ට්‍රම්ප් ද ප්‍රසිද්ධියේ පවසා ඇත. ඉන්දිායාවත් පාකිස්තානයත් අතර යුද්ධය නැවැත්වීමට තමන් මැදිහත් වීම සම්බන්ධඡයෙන් ට්‍රම්ප් පවසන්නේ එය තමන් ලැබූ ජයග්‍රහණයන් බවය.

රුසියනු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින නමුත්, යුද්ධය අවසන් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උනන්දුවක් නොදක්වන බවට ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා නගයි. යුක්රේනයට පහර දීම නවත්වා වහාම සටන් විරාමයකට යන්නැයි ට්‍රම්ප් රුසියන් ජනාධිපතිවරයාට දින 12 ක කාලයක් ලබා දී ඇත. එම කාල සීමාව ලබන අගෝස්තු 8 වැනිදායින් අවසන් වෙයි.



අදහස් (0)

ට්‍රම්ප්ට සාම තෑග්ග ලැබිය යුතුමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site