IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ට නඩු පිට නඩු

 
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක්  ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරිකන් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය හරහාය.
 
ට්‍රම්ප්ගේ බදු පැනවීම් නිති විරෝධී බවත්, එම බදු හේතුවෙන් ඇමෙරිකන් ආර්ථිකය අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇති බවත් ඇමෙරිකන් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය පෙන්වා දී ඇත.
 
නඩු පැවරීම් කර ඇත්තේ ඔරෙගන්, ඇරිසෝනා, කොලරාඩෝ, කනැනිකට්, ඩෙලවෙයා, ඉලිනෝයි, මේන්, මිනසෝටා, නෙවාඩා, නිව් මෙක්සිකෝ, නිව්යෝක් සහ වර්මොන්ට් යන ප්‍රාන්ත යැයි ද පැවැසෙයි.
 
මීට දින කීපයකට පෙර ද ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය බදු ක්‍රමය අවලංගු කරන ලෙසත්, ඒ යටතේ පනවා ඇති තීරු බදු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් කැලිෆෝනියා ජනපදය ද ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර තිබුණි.



අදහස් (2)

ට්‍රම්ප්ට නඩු පිට නඩු

idr tharanga Thursday, 24 April 2025 02:07 PM

එලෝන් මස්ක් කාරයා පොරට ගෙදර යන තැනට වැඩ සෙට් කරයි වගේ. කොම්පැනි පාලනය කරන විදියට රටවල් ගෙනියන්න බැහැ කියලා පොරවල් 2ටම තේරෙයි..

:       2       33

Perera Friday, 25 April 2025 04:03 AM

පිස්සෙක් ජනාධිපති උනත් එකයි, ජනාධිපති පිස්සෙක් උනත් එකයි. ට්‍රම්ප් පිස්සෙක් කියලා හැමෝම දන්නවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site