හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් අසභ්‍ය චිත්‍රපට නිළියක් වන ස්ටෝර්මි ඩැනියෙල් සමඟ පැවති සම්බන්ධයක් වසන් කිරීම සඳහා 2016 ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර මැතිවරණ ප්‍රචාරණ මුදල් වලින් ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ගෙවනු ලැබ ඇතැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරනවාද නැද්ද යන්න තීරණය සතියකින් පමණ කල් ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත.
ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා ඊයේ (22) නිව්යෝර්ක් අධිකරණයේ ජූරි සභාව රැස්වීමට නියමිතව තිබුනත් එම රැස්වීම හේතු නොදක්වා අවලංගු කර තිබීම හේතුවෙන් අපරාධ චෝදනා ගොනු කිරීම පිළිබඳ තීරණය මෙසේ සතියකින් කල් ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කර ඇත. මෙම සතිය තුළ නැවත වරක් ජූරි සභාව රැස් නොවන බවද ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත.
ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර තමන් පසුගිය 21 වැනිදා අත් අඩංගුවට පත් වනු ඇතැයි ප්‍රකාශ කර තිබිණ.ට්‍රම්ප් අත් අඩංගුවට පත් වීමට කැමැත්තෙන් සිටින බවත් ඔහුට එය මාධ්‍ය සන්දර්ශනයක් බවත් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප්ට චෝදනා ගොනු කිරීම කල් යයි