
හටගෙන ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගන්නේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සැරැසෙන බවය.
මේ වනවිටත්, ඇමෙරිකන් යුද නැව්, වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ ස්ථානගත වී සිටින අතර, වෙනිසියුලාවට අයත් කුඩා බෝට්ටු සහ නාවික යාත්‍රාවලට එම නැව් පහර දෙයි. ඊට අමතරව, වෙනිසියුලාවට ඉහළින් ගුවන් කලාපය, තහනම් කලාපයක් ලෙස නම් කිරීමට ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටී.
ට්‍රම්ප් පවසන්නේ, ඇමෙරිකන් යුද නැව් පහර දෙන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදා ගන්නා බෝට්ටු සහ නාවික යාත්‍රාවලට බවය. වෙනිසියුලා ජනාධිපති මදුරෝ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අයකු බවටත්, ඔහු මත්ද්‍රව්‍ය කල්ලි සමඟ සබඳතා පවත්වන බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නගා ඇත.
වෙනිසියුලා ජනාධිපති මදුරෝ සමඟ පැවැති දුරකතන කතාබහ සම්බන්ධයෙන් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය. “වෙනිසියුලා ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකතන කතාබහ හොඳින් සිදු වුණේ නැහැ. කිසිසේත්ම හොඳින් සිද්ධ වුණේ නැහැ” යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
ඇමෙරිකාව සමඟ සමඟියෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව වෙනිසියුලා ජනාධිපති මදුරෝ දිගින් දිගටම අවධාරණය කර ඇත. ත්‍රස්තවාදයට උඩගෙඩි දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි එල්ල වන චෝදනා ද මදුරෝ තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
දේශපාලන විශ්ලේෂකයන් පවසා ඇත්තේ, ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින්නේ මදුරෝගේ පාලනය අවසන් කිරීමට බවය. කෙසේ නමුත් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ වෙනිසියුලාවේ දේශපාලන පෙරැළියක් ඇමෙරිකාව අපේක්ෂා නොකරන බවය.
ට්‍රම්ප් සමඟ මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට තමන් කැමැති යැයි මදුරෝ පවසා ඇත. මදුරෝ ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නම්, ඔහුට සමාවක් ලබා දීමට ඇමෙරිකාව සූදානමින් සිටිනවා යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත.
මේ අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමෙරිකන් රජයෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන සම්බන්ධයෙන් තමන් ‘ඔපෙක්’ සංවිධානයෙන් සහාය ලබා ගැනීමට කටයුතු කරන බව වෙනිසියුලා ජනාධිපති මදුරෝ පවසා ඇත. ‘ඔපෙක්’ සංවිධානය යනු ඛනිජ තෙල් අපනයනය කරන රටවල හවුලය. ඉරානය, ඉරාකය, කුවේටය, සෞදි අරාබිය, සහ වෙනිසියුලාව යනු එම රටවල්ය.
2025 නොවැම්බර් මස 21
236
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
290
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1209
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ට්‍රම්ප්ගෙන් වෙනිසියුලා ජනපතිට ඇමතුමක්