IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගෙන් ජපානයට තර්ජන

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජපානයට තර්ජනය කර ඇත. ඒ, ට්‍රම්ප් ජපානයට පනවා ඇති තීරු බදු සම්බන්ධයෙනි. 

ට්‍රම්ප් පරිපාලනය මේවනවිට එම තීරු බදු සම්බන්ධයෙන් ජපානයට සහනයක් දී ඇති අතර, එය අවසන් වීමට පෙර, ගිවිසුමකට අවතීර්ණ නොවන්නේ නම්, ජපානයට එරෙහිව සියයට 30 ක හෝ 35 ක හෝ තීරු බදු පැනවීමට පසුබට නොවන බව ට්‍රම්ප් පවසා ඇත.
සිය දෙවැනි ධුර කාලය ආරම්භ කර ඇති ට්‍රම්ප්, ඉකුත් අප්‍රේල් 2 වැනිදා සිට රටවල් රැසකට අධික තීරු බදු පැනවීම සිදු කළේය. එහිදී ජපානයට සියයට 24 ක තීරු බද්දක් පැනවීමට ඔහු තීරණය කළ බව ද පැවැසීය.

එසේ වුවත්, ජපානය ඇමෙරිකාවේ සමීපතම මිතුරකු බැවින්, ජපන් වෙළෙඳ හවුල්කරුවන්ට ද තම පරිපාලනය සමඟ සාකච්ඡා පැවැත්වීමට ට්‍රම්ප් අවස්ථාව දුන්නේය. ඒ, දින 90 ක විරාම කාලයක් ලබා දෙමිනි. එම විරාම කාලය එලැඹෙන ජූලි 9 වැනිදා අවසන් වෙයි. ජපානයට අනතුරු අඟවමින් ට්‍රම්ප් පැවැසුවේ, එම විරාම කාලය තවත් දීර්ඝ කිරීමට අදහසක් තමන්ට නොමැති බවය.



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් ජපානයට තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 457 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16937 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site