පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය
භූමිකම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පියවර ගත්තේය.
භූමිකම්පාව හටගත්තේ ටොංගා දූපත් රාජ්‍යය අසල කිලෝ මීටර් 10 ගැඹුරු මුහුදු පතුළේය.
භූමිකමිපාවේ ප්‍රබලත්වය සහ එය හටගත් ගැඹුර සැලකිල්ලට ගනිමින්, භූමිකම්පාවේ අප්‍රිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 300 ක දුරකට සුනාමි රළ විහිදෙනු ඇතැයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ටොංගා යනු දූපත් 171 කින් සමන්විත පොලිනීසියානු දූපත් රාජ්‍යයකි. සැමෝවා, ෆීජි සහ තුවාලු යන කුඩා දූපත් ද ටොංගා දූපත් සමූහයට නුදුරින් පිහිටා ඇත.
ටොංගා දූපතේ ජනගහනය ලක්ෂයකට අඩුය. ටොංගා දූපත් සමූහයේ ප්‍රධාන දූපත වන්නේ ටොංගටාපුය. ටොංගා වැසියන් වැඩිදෙනකු ජීවත් වන්නේ මෙම දූපතේය.
(ද ටයිම්ස් ඔෆ් ඉන්දියා)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු