ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා රාජකාරී ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
ඔහුට අමතරව තේරී පත්වූ උප ජනාධිපතිනි කමලා හැරිස් ද එම කටයුතු ආරම්භ කර තිබෙන අතර ඔවුන් ඔවුන්ගේ නිල වෙබ් අඩවි ද යාවත්කාලීන කර ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව 46 වැනි ජනාධිපති ධුරයට පත්වීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ට්විටර් ගිණුමක් ද ආරම්භ කර ඇති අතර ට්‍රාන්සිෂන්46 යනුවෙන් එය නම් කර ඇත.
කෙසේ නමුත් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් ජනාධිපතිවරණයේ පරාජය බාරගෙන නැතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෝටර් රථ පෙළ ඉරිදා (8) දිනයේදී ද ඔහුට අයත් ගොල්ෆ් පිට්ටනියක් වෙත පැමිණි බව ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
තත්ත්වය එසේ තිබියදී නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායක් ආරම්භ කිරීමට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතා පියවර ගෙන ඇත.
ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව සෙනසුරාදා දිනයේදී පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 127,399කි. ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 9.9ක් වන අතර සෙනසුරාදා දිනයේදී එරටින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 1,000ක් ලෙස දැක්විණි. ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 237,000ක් දක්වා ඉහළ ගියේය.
ජනාධිපතිගේ බෑණා වන ජාර්ඩ් කුෂ්නර් මහතා , ජනාධිපතිවරයා සමඟ පරාජය බාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද දැනගන්නට ලැබේ.
රොයිටර් /ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජෝ බයිඩන් ජනපති ධුරයේ වැඩ අරඹයි