IMG-LOGO

ජෝ බයිඩන් කොරෝනා පාලන කාර්ය සාධක බළකායට

 


 
 
ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර් ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශල්‍ය වෛද්‍ය ජනරාල්වරයකු වන වෛද්‍ය විවේක් මූර්ති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ හිටපු කොමසාරිස්වරයකු වන වෛද්‍ය ඩේවිඩ් කෙස්ලර් යන දෙදෙනා එලෙස තෝරාගෙන ඇත.

ඔවුන් දෙදෙනා ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සම සභාපතිවරුන් ලෙස පත් කිරීමට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දිගින් දිගටම පැවැසීය.

ඇමෙරිකානු ජනතාව මුඛ ආවරණ පැලඳීම සඳහා උනන්දු කරවීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කීය.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් අදාළ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි.

වෛද්‍ය මූර්ති බැරැක් ඔබාමා ජනාධිපති ධුරය දරන සමයේදී ඇමෙරිකාවේ ශල්‍ය වෛද්‍ය ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. ජෝ බයිඩන් පසුගිය මාස කිහිපයක කාලයේදී විශේෂඥයන් සහ වෛද්‍යවරුන් කණ්ඩායමකගෙන් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත් අතර වෛද්‍ය කෙස්ලර් ද එම කණ්ඩායමේ සාමාජිකයකු විය
 
ඒ.එෆ්.පී./රොයිටර් 
055 

 



අදහස් (0)

ජෝ බයිඩන් කොරෝනා පාලන කාර්ය සාධක බළකායට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site