යුක්රේනයේ තිබෙන ජීව අවි පර්යේෂණාගාර රුසියානු හමුදාව අතට පත්වේවි යැයි බියක් පවතින බව දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් පවසයි.
ඊයේ (8) දින සෙනෙට් සභාවේ විභාගයක් අතරතුර දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය යුක්රේනයේ ජීව අවි පර්යේෂණාගාර තිබෙන බව පිළිගත් අතර ඇය වැඩි දුරටත් පැවසුවේ එම පර්යේෂණ දත්ත රුසියානු හමුදා අතට පත් නොවීමට කල හැක්කේ කුමක්ද යන්න යුක්රේනය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
මේ සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඇමෙරිකාව විසින් සෝවියට් සමූහ ආණ්ඩුවේ සිටි රටවල ජීව අවි පර්යේෂණාගාර පිහිටුවීම සම්බන්ධව ඉතා විමසිල්ලෙන් මේ දක්වා සිටි බවත් යුක්රේනයේ ජීව අවි පර්යේෂණාගාර 30 කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවත්ය
එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වුයේ කීව් වෙත ජීව අවි පර්යේෂණාගාර වල තිබෙන රෝග කාරක විෂබීජ ඉතා ඉක්මණින් විනාශ කරන ලෙස උපදෙස් ලබා දී ඇති ලියවිල්ලක් ආරක්ෂක අමාත්‍යංශය සොයාගත් බවයි.
එම ලියවිල්ල පෙබරවාරි 24 වෙනි දින ලෙස දිනය සඳහන් වන බවත් යුක්රේන ජීව අවි පර්යේෂණාගාර තුල ඇන්ත්‍රැක්ස්,කොලරාව සහ ප්ලේග් වැනි භයානක රෝග කාරක විෂබීජ වැඩි දියුණු කර ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජීව අවි පර්යේෂණාගාර රුසියන් හමුදාවට
roshan Wednesday, 09 March 2022 05:39 PM
මේ ලෝකය විනාශ කරන ප්‍රධාන හවුල්කරුවා වෙන කවුරුවත් නොව ඇමරිකානුවන්ය.