IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට පිහි ප්‍රහාරයක්

2020 වසරේ දී, ලොව පුරා මහත් ආන්දෝලනයක් කළ, ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික ඇමෙරිකානුවා ඝාතනය කළ, මේ වනවිට බන්ධනාගාරගතව සිරදඩුවම් විදින සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින්, බන්ධනාගාරයේ දී පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මිනියාපොලිස් නගරයේ හිටපු පොලිස් නිලධාරියකු වන ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

2020 දී සිදු වූ ෆ්ලොයිඩ් ගේ ඝාතනය පොලිස් ම්ලේච්ඡත්වයට සහ වර්ගවාදයට එරෙහිව ලොව පුරා විරෝධතා මාලාවක් නිර්මාණය කිරීමට සමත් විය.

ඊයේ (24) දිනයේ සිකුරාදා ඇරිසෝනාහි බන්ධනාගාරයේ දී තවත් රැඳවියෙකු විසින් චෞවින්ට පිහියෙන් ඇන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස්, නිව් යෝර්ක් ටයිම්ස් සහ ඒබීසී පුවත් සේවා වාර්තා කර තිබේ.

ෆ්ලොයිඩ් ඝාතනය කළ මෙම සුදු ජාතික පොලිස් නිලධාරියා, 2021 අප්‍රේල් මාසයේ දී මිනීමැරුම් සහ මනුෂ්‍ය ඝාතන චෝදනාවලට වැරදිකරු වී, වසර විසි දෙකයි මාස හයක සිර දඬුවමකට යටත් කෙරුණි.



අදහස් (0)

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට පිහි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site