IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා

මීටර් 1.5 ක විෂ්කම්භයක් ඇති අබිරහස් ගෝලාකාර වස්තුවක්, ජපානයේ හමාමාට්සු නගරයට අයත් මුහුදු වෙරළට ගොඩගසා තිබේ. එම වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

ගෝලාකාර වස්තුව, පළමුවෙන්ම දකින්න ලැබුණේ උදෑසන වෙරළට ආ නගර වැසියන් කිහිප දෙනකුටය. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නේය.

පොලිසිය සහ හමුදා පැමිණ මුහුදු වෙරළ ජනතාවට තහනම් කලාපයක් කළේය. ඒ, ගෝලාකාර වස්තුව, දෙවැනි ලෝක යුද සමයේ භාවිතයට යොදා ගත් මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් යැයි ද සැක කළ බැවිනි. බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් ද එය පරීක්ෂා කිරීමට පැමිණියේය.

එක්ස් කිරණ පරීක්ෂණයකින් අනාවරණය වූයේ ගා්ලාකාර වස්තුව තුළ කිසිවක් නොමැති බවය. ගෝලාකාර වස්තුවේ ‘හැඩල’ දෙකක් ඇතැයි ද පැවැසෙයි. එයින් අදහස් වන්නේ එය කිසියම් දෙයකට සම්බන්ධ කළ හැකි බව පොලිසිය පසුව පැවැසුවේය.

(රොයිටර්)



අදහස් (1)

ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා

Ruwan R Thursday, 23 February 2023 02:26 PM

වෙලාවට ලංකාවේ නොවුනේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site