දෙවැනි වරට ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ජනපති බැරැක් ඔබාමා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ(20) ඊශ‍්‍රායලයට පැමිණියේය.
‘එයා ෆෝස් වන්’ නමැති සිය නිල ගුවන් යානයෙන් ඊශ‍්‍රායලය වෙත පැමිණි ජනාධිපති ඔබාමා, සිරියාව හා ඉරානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලූ පිළිබඳ ඊශ‍්‍රායල ජනපති බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටී.
ඊශ‍්‍රායල සංචාරයෙන් අනතුරුව ජනපති ඔබාමා බටහිර ඉවුරේ සිටින පලස්තීන නායකයන්ද හමු වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා රාජතාන්ති‍්‍රක සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ජෝර්දානයේ සංචාරය කිරීමට ද නියමිතව සිටින බව ධවල මන්දිරය ප‍්‍රකාශ කරයි.
සිය සංචාරයේදී ඊශ‍්‍රායල හා පලස්තීන නායකයන් හමු වී දෙරට අතර පවත්නා ගැටලූවලට සවන් දීමට ජනපති ඔබාමා අපේක්ෂා කරන බවත් සාම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරනු ඇති බවත් ඊශ‍්‍රායල රජය පවසයි.
ඊශ‍්‍රායල නව රජය බලයට පැමිණීමෙන් පසුව එරටට පැමිණෙන පළමු වැනි රාජ්‍ය නායකයා ද ජනපති ඔබාමාය. ඇමෙරිකා ජනාධිපතිගේ මෙම සංචාරය සඳහා ඊශ‍්‍රායල රජය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව වාර්තා වේ.
![]() |
ඊශ‍්‍රායලයට පැමිණි ජනපති ඔබාමා(මැද), එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු(දකුණේ) සහ ජනපති සිමොන් පෙරේස් (වමේ)සමඟ... |
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති බැරැක් ඔබාමා ඊශ‍්‍රායලයේ සංචාරයක
අමිල Friday, 22 March 2013 09:50 PM
නියමයි .. ඔබතුමාට ජය (දී)
රසිකා Thursday, 21 March 2013 11:52 AM
ඊශ්‍රායලය නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙස දිනෙන් දිනම දියුණුවට පත්වේවා! (නි)
අනුර Friday, 22 March 2013 03:01 PM
බලාගෙන ජිනීවා ගෙනියාවි , ඔබාමට යන්න් ලෝකයක් නැති වෙයි මෙහෙම ගියොත් (ස)
දාවිද් Friday, 22 March 2013 03:43 PM
ඇවිලුනු ගිනි දැල් නිවි නිවි යද්‍දී ඔබමට හමුවූවා...(ස)
මුතුකුඩ Friday, 22 March 2013 11:42 PM
ප්‍රබල තුස්තවාදින්ගේ හමුවීමක්.(නදී)
ගාමිණී Thursday, 21 March 2013 03:05 PM
බලාගෙනයි ඊශ්‍රායලයෙත් යුද ගිනි අවුළුවයි.(නදී)
මධුර Thursday, 21 March 2013 08:46 AM
පරිස්සමෙන් මහත්තයෝ (දී)
පහන් Friday, 22 March 2013 01:35 AM
ඇමෙරිකානු ධජයේ 51 වැනි තරුව ඊශ්රයලයයි .(නදී)