IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජාත්‍යන්තර සහාය තිබුණත් නැතත් හමාස් සටන්කාමීන් විනාශ කරනවා

ජාත්‍යන්තර සහාය තමන්ට තිබුණත් නැතත්, ගාසා තීරයට දිගටම පහරදී, හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, කිසිදු වග විභායකින් තොරව, ගාසා තීරයට එල්ල කරන බෝම්බ හේතුවෙන්, ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවී යනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනි.

ගාසා තීරයේ යළි සටන් විරාමයකට යන්නේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවී යනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනීමත් සමඟය.

‘නොබැඳි’ යෝජනාව සම්මත වූයේ රටවල් 153 ක් ඊට ඡන්දය ලබා දෙමිනි. යෝජනාවට රටවල් 23 ක් විරුද්ධ වූ අතර, ඇමෙරිකාව ද ඒ අතර සිටී. ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි.

එසේ වුවත්, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව, ඇමෙරිකාව දිගින් දිගටම අවධාරණය කර තිබේ. මේ වනවිට යුරෝපා රටවල් බොහොමයක් ද ඊශ්‍රායලයෙන් දුරස් වී සිටින බව දකින්න ලැබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

ජාත්‍යන්තර සහාය තිබුණත් නැතත් හමාස් සටන්කාමීන් විනාශ කරනවා

Ariyathilaka Thursday, 14 December 2023 10:34 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැහැදිලි ඉලක්ක නැති, හිස් බඹයෙක් වැනිය. හමාස් සංවිධානයට බටහිර ඉවුර පාලනයට ඉඩ දී ඊශ්‍රායලය අනතුරේ හෙළනම් කුමක් ද? කළේ. හිස් වචන හිස් වගන්ති, හිස් යෝජනා, හිස් සම්මත කිරීම්, හමාස් සංවිධානයට බටහිර ඉවුරෙහි නැවත බලවත් වීම,බලවත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ ද? යේමනයෙහි ද ඇති තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසි අවධානයට ගන්නේ ද? රතු මුහුදෙහි ගමන් කරන මුහුද යාත්‍රා, යේමන් හවුදි කැරළිකරුවන් විසින් තර්ජනයට ලක් කර ඇත. යේමනය ආගමික ත්‍රස්තවාදීන්ගේ ගර්භාෂයක් වැනිය. ත්‍රස්තවාදය රාජය පාලනයට අවතීර්ණ වීමට ඉඩ හැර ලෝකය අනතුරේ හෙළීම දක්වා වර්ධනය වනකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඩ ය. මුල්ලිම් අන්තවාදී ආගමික ත්‍රස්තවාදය අතිශයින් භීෂණකාරී වන්නේ එය1.පැතිරීමේ වේගය. 2.එයට මුස්ලිම් රාජ්‍ය තුලින් ලැබෙන අඩු වැඩි වශයෙන් ලැබෙන මූල්‍ය ආධාර 3. යුද්ධෝපකරණ ලබා දීම, ඇතැම් මුස්ලිම් රාජ්‍යයන් සහ මුස්ලිම් නොවන ඇතැම් රාජ්‍යයන් විසින් රහසිගතව යුද අවි සැපයීම.(මෙහිදී ඇතැම් රාජ්‍ය යුද අවි විකිණීමෙන් මහත් වූ ආදායම් ලබන බැවින් ත්‍රස්ත සංවිධානයන්ට රාජ්‍ය තාන්ත්‍රක භාවයෙන් පිට අවි ජාවාරම් කරත්.

:       7       10

Ariyathilaka Thursday, 14 December 2023 10:35 AM

මෙහිදී රාජ්‍යයන්ට නීතියානුකූලව විකුණන අවි ආයුධ, ඇතැම් රාජ්‍ය විසින් ආගමික ත්‍රස්ත කල්ලිවලට (අවි ආයුධ) ලබා දීම. . 4. යුධ පුහුණුව ලබා දීම 5. අධාර මුදල් ලබා ගනීමට අවස්ථාව සලසා දීම. 6.අන්තර් ජාතික වශයෙන් ව්‍යාප්තව පැවතීම. සහ එසේ පැවත්වීමට සියලු ආකාරයේ උත්සාහයන් ගැනීම. 7. අනාගතයෙහි මෙහි භයානක ප්‍රති විපාක බොහෝ රාජ්‍යයන් විසින් අවබෝධ කර නො ගැනීම සහ ඒ පිළිබඳ අඩු සැළකිලිමත් බව. යන කාරණා විශේෂයෙන් හේතු මත ය. තවත් හේතු තිබිය හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇති, අන්තර් ජාතික ත්‍රස්ත සංවිධාන නාම ලේඛණය විමසා බැලීමේදී, බහුතර ත්‍රස්ත සංවිධාන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන බව පෙනී යනවා ඇත. එකසත් ජාතීන්ගේ සංවිධානයට මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට සැබෑ උවමනාවක් තිබේද? ත්‍රස්තකල්ලි විසින් රටක රාජ්‍ය පාලනය බලහත්කාරයෙන් ඩැහැ ගෙන, එම රටේ පාලනය ත්‍රස්තවාදයට ඕනෑ ලෙස ත්‍රස්තවාදීන් බිහි කරන ගර්භාෂයක් බවට පත් කරනකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, කිසිත් නො කර නිහඩව සිටීම යුක්ති සහගත ද? ගාසා තීරයේ, හමාස් සටන්කාමීන් විසින් සකස් කළ උමං පද්ධති මේ සම්බන්ධව සාක්ෂි නො දරන්නේ ද

:       4       6

Ariyathilaka Thursday, 14 December 2023 10:37 AM

යහපත රාජ්‍ය පාලනයකට, රාජ්‍යයක ආරක්ෂාවට කිලෝමීටර් ගණන් භූගත උමං පද්ධති අවශ්‍යශ නැත. හොඳයි! රාජ්‍යයක ආරක්ෂාවට භූගත උමං පද්ධති ඇති කළායැයි සිතමු. ගාසා තීරයේ භූගත උමං ජාලය භාවිතා කළේ යහපත් රාජ්‍ය පාලනයකට ද? හමාස් සංවිධානය විසින් එය ගොඩ නගන ලද්දේ සහ භාවිතා කර ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ය. අන්තවාදී ත්‍රස්ත්වාදය ව්‍යාප්ත කිරීමට ගර්භාෂයක් ඇති කීරීම සඳහා ය. ගාසා තීරයෙහි, මේ ආකාර බරපතල ලෙස ත්‍රස්තවාය ව්‍යාප්තියට “ත්‍රස්ත්වාදී ගර්භාෂයක්” ඇතිවන තෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගකීමෙන්, ලෝක සාමය උදෙසා ක්‍රියා නො කළේ මන්ද? එපමණක් ද? මේ වන විට යේමනයේ හවුදි කැරළි කරුවන් කරලියට පැමිණ, ඔවුන්ගේ ත්‍රස්ත ශිප්ප රඟ දක්වමින් සිටිත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවන තෙක් යේමනයේ ත්‍රස්ත ක්‍රියා ගැන සොයා බැලුවා ද? හවුදි කැරළිකරුවන්ගේ බලවත් වීම, ආයුධ සංනද්ධභාවයෙන් බලවත් වීම පිළිබඳව සොයා බැලුවා ද? එය මැඩ පැවැත් වීමටගත් ක්‍රියා මාර්ග කවරේ ද? ඒ සඳහා කිසිත් කළ බවක් අපට නො පෙනේ. අවසානයේ ත්‍රස්ත ක්‍රියා මැඩ වැවැත් වීමට ගන්නා ක්‍රියා මාර්ග හැකිළ වීමට යෝජනා සම්මුති ගෙන ඒමෙන් පමණක් ලෝක සාමය ඇති කිරීමට හැකියැයි

:       4       6

Ariyathilaka Thursday, 14 December 2023 10:38 AM

සිතනවා නම් එය “ මානව අයිතිවාසිකම් දැවටූ සුන්දර හිතළුවක්” පමණක් වනවා ඇත.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 317 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site