ප්‍රාශ්වාස වාතයේ මද්‍යසාර ප්‍රමාණය මැනිය හැකි නවතම උපකරණයක් හදුන්වාදීමට ඇමරිකාවේ ‘‘බැක්ට්‍රැක්‘‘ සමාගමක් සමත්ව සිටී.
ප්‍රාශ්වාස වාතයේ මද්‍යසාර මැනීමට ජංගම දුරකථනය යොදා ගැනෙයි. මුව තබා පිඹිය හැකි ලෙස ඇති කුටීර කොටසට වාතය පිඹීමෙන් පසු එහි ඇති සංවේදක ජංගම දුරකථකතනයේ මෘදුකාංගයක් හා රැහැන් රහිතවම සම්බන්ධ වේ.අනතුරුව සංවේදක ඔස්සේ ලැබුණු තොරතුරු ආධාරයෙන් මෘදුකාංගය ප්‍රාශ්වාස වාතයේ ඇති මද්‍යසාර ප්‍රමාණය ගණනය කර තිරයේ දර්ශනය කරයි.
මේ මෘදුකාංගය ෆේස්බුක් ට්විටර් වැනි ගිණුම් හා සම්බන්ධ වීමේ හැකියාවෙන්ද යුතුය.පරීක්ෂණය කළ පසු ලැබෙන ප්‍රතිඵල ෆේස්බුක් පිටුවේ හෝ ට්විටර් පිටුවේ සටහන් වීම මෙහිදී සිදුවේ.ඒ අනුව මිතුරන්ට ඔබ කෙතරම් බීමත්ව සිටින්නේදැයි දැනගැනීමටත් පිළිවන් බව බැක්ට්‍රැක් සමාගම කියයි.මීට අමතරව අහල පහලක බීමත් අය සිටින්නේදැයි සොයාගැනීමටත් මේ මෘදුකාංගය සමත්ය.ඒ මේ මෘදුකාංගයම ස්ථාපනය කර ඇති ජංගම දුරකථන සොයා අන්තර්ජාලය ඔස්සේ ප්‍රදේශය පීරීමෙනි.
පහසු වුවත් සමාජ ජාල වෙබ් අඩවි හා සම්බන්ධ වීමට ඇති හැකියාවට බොහෝ දෙනාගේ විරෝධය එල්ල වී තිබේ.ඔවුන්ගේ අදහස වන්නේ මිතුරන් අතරින් වඩාත්ම බීමත්ම පුද්ගලයා වීමේ ආදී ‘‘තරග‘‘ එකිනෙකා අතර ඇතිවීමට මෙය මුල්වනු ඇති බවයි.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1378
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජංගම හලෝවෙන් තව වැඩක්
චූළා Wednesday, 01 May 2013 12:12 PM
බිලා වාහන එලවන අයට තමන් කොච්චර බීවද කියල දැන ගන්න නම් පුළුවන් වෙයි. ටොරොන්ටෝ වල නම් බිර බෝතලයක් හෝ වයින් විදුරුවක් බිල එලවන්න පුළුවන්. දැන් එහෙ නම් ඇල්කොහොල් කිරල මැනලම බොන්න පුළුවන් වෙයි.(නදී)
විමල් Wednesday, 01 May 2013 12:58 PM
හොද නිර්මාණයක් හොද දේ අපට දෙන ඇමයිරිකාවට මම ආදරේයි.(නදී)
නසාර් Wednesday, 01 May 2013 01:38 PM
දැන් පවුලට පුළුවන් මහත්තයා බීලද බලන්න. (නි)
ලක්ෂික Wednesday, 01 May 2013 09:23 PM
අනේ මන්දා
දයා Wednesday, 01 May 2013 02:50 PM
මහත්තයටත් පුළුවන් නෝනා බීලද බලන්න. (නි)
ගාමිණී සිරි Wednesday, 01 May 2013 10:55 PM
කොහොම කොහොම හරි ලෝකයේ පොලිසි වලට විකුණගන්න පුළුවන් වේවි. ලක්ෂ ගණනක්.ශ්‍රී ලංකා පොලිසිය නම් දැනටමත් ඇනවුම් කරලා ඇති.ගංජා, කුඩුකාරයෝ මින් ගැළවෙනවද? (නි)