
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන්, රුසියාවෙන් තමන්ට විවිධාකාරයේ ‘තර්ජන’ එල්ල වෙමින් පවතින බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලනත්යේ හේග් නුවරය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, හිටපු රුසියන් ජනාධිපතිවරයකු මෙන්ම දැඩි පුටින් හිතවාදියකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයට තර්ජනය කර තිබේ.
ඒ, හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව පවසමිනි. වන දිමිත්‍රි මෙඞ්වදේව් රුසියන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින්ට වරෙන්තු නිකුත් කළේ යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියාව යුද අපරාධ සිදු කරනවා යැයි චෝදනා නගමිනි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය පමණක් නොව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ද සෘජුව පවසා ඇත්තේ රුසියන් ජනාධිපති පුටින් යුද අපරාධකරුවකු කියාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජගත් අපරාධ අධිකරණයට රුසියාවෙන් තර්ජන