IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


චාවේස්ට බරපතළයි ...

කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට පැමිණි එරට සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වෙනිසියුලානු රජය ඊයේ (5) නිවේදනය කළේය.
එම කනගාටුදායක පුවත ඇසීමෙන් වෙනිසියුලා ජනතාව කම්පනයට පත් ව ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ චාවේස් මියගොස් ඇති බවත් රජය එය වසං කරන බවත්ය.
පිළිකා සැත්කමින් පසු චාවේස් පෙනහළු ආසාදනයකට ලක් විය. වෙනිසියුලා රජය පැවැසුවේ මේ වනවිට එම පෙනහළු ආසාදනය උග‍්‍ර අතට හැරී ඇති බවය.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට පැමිණියේ ඉකුත් 18 වැනිදාය.
කැරකස් නුවරට ගෙනා චාවේස් වහාම හමුදා රෝහලකට ඇතුළත් කෙරුණි. තම ආදරණීය නායකයා යළි පැමිණෙනු දැක ගැනීමට මිලියන හතරකට වැඩි පිරිසක් කැරකස් නුවරත් එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළටත් රැස්ව සිටියහ. එහෙත් ඔවුන්ට චාවේස් දැක ගැනීමට අවස්ථාවක් නොලැබිණි.



අදහස් (0)

චාවේස්ට බරපතළයි ...

දිසානායක Wednesday, 06 March 2013 11:09 AM

අධිරාජ්‍යවාදීන්ට බය නැති නායකයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site