|
|
උප ජනාධිපති නිකලස් මදුරෝ |
වෙනිසියුලා සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු ඔහුගේ අඩුව පිරවීමට ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වන උප ජනාධිපති නිකලස් මදුරෝට හැකිවනු ඇතැයි චාවේස්ගේ එක්සත් සමාජවාදී පක්ෂය විශ්වාස කරයි.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පැවැති ජනපතිවරණයෙන් චාවේස් විශිෂ්ට ජයක් හිමි කර ගත් අවස්ථාවේදී උප ජනපති ධුරයට පත් වුණේ නිලකස් මදුරෝය.
1962 වසරේ නොවැම්බර් 23 වැනිදා උපන් මදුරෝ බස් රථ රියැදුරෙකි. ඔහු දේශපාලනයට අවතීර්ණ වූයේ වෘත්තීය සමිති නායකයකු ලෙසිනි.
චාවේස් ඉකුත් දෙසැම්බරයේ පිළිකා සැත්කමට භාජන වීමට කියුබාවේ හවානා නුවර බලා ගිය අවස්ථාවේදී ඔහු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ නම් කළේය. එපමණක් නොව ඔහුට බලය පැවැරීමක් ද කළේය.
චාවේස් මියගිය බව මාධ්‍ය හමුවේ කියා සිටියේ ද මදුරෝය. මදුරෝ චාවේස්ගේ අඩිපාරේ යන දේශපාලනඥයකු බව වෙනිසියුලානු වැසියන්ගේ ද විශ්වාසය වී ඇත.
තව දින 30 ක් ඇතුළත පැවැත්වීමට නියමිත වෙනිසියුලානු ජනාධිපතිවරණයේදී 50 හැවිරිදි මදුරෝ සමඟ තරඟ කරනු ඇත්තේ විපක්ෂ නායක 40 හැවිරිදි හෙන්රීකේ කැප්රිලේය. ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය.
|
විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේය |
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චාවේස්ගේ අඩුව පුරවන්න නිකලස් මදුරෝට හැකිවේවි
අමිලා Thursday, 07 March 2013 07:26 AM
උත්සාහ කරන්න, මම හිතන්නේ නැහැ, මොකද චාවේස් කියන්නේ විශිෂ්ට නායකයෙක් (දී)
උදය Friday, 08 March 2013 12:39 AM
හොදයි හොදයි. (නි)
අනුර Thursday, 07 March 2013 09:44 AM
මදුරෝ, ඔබ නැතිවුණු නායකයාගේ අඩුව පුරවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. (නි)
ප්‍රභාත් Thursday, 07 March 2013 12:43 PM
මම නම් හිතන්නේ නැහැ (දී)