IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


චීන සාම සැලැස්මට ඇමෙරිකන් විරෝධයක්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී සකස් කළ සාම සැලැස්මට ඇමෙරිකාවෙන් විරෝධයක් එල්ල වෙයි.

බයිඩන් පරිපාලනය පෙන්වා දී ඇත්තේ චීනය එම සාම සැලැස්ම සකස් කර ඇත්තේ රුසියාවට, වාසි වන ආකාරයට බවය.

සාම සැලැස්ම ආරම්භ වීමට නියමිතව ඇත්තේ සටන් විරාමයකිනි. බයිඩන් පරිපාලනය පවසන්නේ, එම සටන් විරාමය අතරතුරේ රුසියාය යුක්රේනයේ තවත් පළාත් අත්පත් කරගනු ඇතැයි කියාය.

ධවල මන්දිර ආරක්ෂක කවුන්සිල ප්‍රකාශක ජෝන් කර්බි ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ චීනය රුසියාවට පක්ෂපාතී ආකාරයට එම සාම සැලැස්ම සකසා ඇති බවය.

යුක්රේනය ද මෙම නව සාම සැලැස්ම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිටත් රුසියන් යුක්රේන යුද්ධයේ දී සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය, රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

චීන සාම සැලැස්මට ඇමෙරිකන් විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 295 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2121 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site