IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීන ජනපති හමුවන්න සූදානම්

චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කරමින්, එම අර්බුදය අවසන් කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

ඒ අනුව, ප්‍රශ ජනාධිපතිවරයා ලබන අප්‍රේල් මාසයේ චීනයේ බෙයිජීං අගනුවර බලා යනු ඇතැයි ප්‍රංශ ජනාධිපති මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. රුසියාාව යුක්රේනය ආක්‍රමණය කළේ බටහිර හිතවාදී යුක්රේනය 'නේටෝ' සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. 'නේටෝ' යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට වසරක් සම්පූර්ණ වෙද්දී, එම අර්බුදය අවසන් කිරිමේ අරමුණින්, කරුණු 12 ක සාම සැලැස්මක් චීනය සකස් කර ඇත. එම සාම සැලැස්ම ආරම්භ වනු ඇත්තේ සටන් විරාමයකිනි. චීනය ඊට මැදහත්කරු ලෙස සම්බන්ධ වනු ඇත.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් යුක්රේනයට සෘජුව සහාය පළ කළත්, රුසියාවත් යුක්රේනයත් අතර සාමය අපේක්ෂා කරයි.

ඔහු ලබන අප්‍රේල් මාසයේ චීනයට යනු ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, චීනය සැකැසූ සාම සැලැස්ම ගැන පුළුල් ලෙස සාකච්ඡා කිරීමටය.

රුසියාවත් යුක්රේනයත් අතර දේශපාලනික වශයෙන් එකඟතාවක් ඇතිවනු දැකීම තමන්ගේ අදහස යැයි මැක්රොන් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

චීන ජනපති හමුවන්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 612 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site