තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි චීන අගමැති ලී කෙකියැං පෙරේදා (20) සවස ඉන්දීය රජය සමඟ වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය.
චීන වෙළෙඳ පොළට ඉන්දීය නිෂ්පාදන වැඩි වැඩියෙන් හඳුන්වා දීමටත් වෙළෙද ආයෝජන උදාකර දීමටත් තමන් සූදානම් බව චීන අගමැතිවරයා අගමැති මන්මෝහන් සිං සහ ඉන්දීය ව්‍යාපාරිකයන් හමුවෙමින් පැවැසීය.
චීන අගමැතිවරයා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ ඉකුත් 19 වැනිදාය. ඔහු සමඟ චීන ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙක් ද පැමිණියහ.
වෙළෙඳ ආයෝජන ඇති කර ගැනීමට අමතරව ඉන්දියාවත් චීනයත් අතර පවතින දේශසීමා අර්බුදය විසඳා ගැනීමට ද අගමැතිවරුන් අතර සාකච්ඡුාවට බඳුන් විය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන අගමැති ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා තරකර ගනී