
චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ.
එලිමහන් ඉදිකිරීම් කටයුතු සඳහා රටපුරා තහනම් නියෝගයක් ද පනවා ඇත. එම අනතුරු ඇඟවීමෙන් පසු අගනුවර වන ප්යොංයැංහි විදී හිස්ව තිබූ බව වාර්තා වේ. අනතුරු ඇඟවීම ප්යොංයැංහි තානාපති කාර්යාල වලට ද යවා තිබේ.
මොන්ගෝලියාවේ සහ චීනයේ කාන්තාරවල වැලි, වර්ෂයේ ඇතැම් කාලවල උතුරු හා දකුණු කොරියාව දෙසට සුළඟ සමග ගසාගෙන යෑම කහ දූවිලි ලෙස හඳුන්වයි.
විෂ සහිත දූවිලි අංශු එම සුළං සමග පැමිණෙන බවත් එමගින් සෞඛ්‍ය ගැටලු ඇතිවන බවත් දීර්ඝ කාලයක් තිස්සේ රටවල් දෙකම විශ්වාස කරයි.
උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා වී නොමැති බව එරට බලධාරීහු පවසති.
කෙසේවුවද දේශසීමා වසා දැමීම, සංචරණ සීමා පැනවීම හා දැඩි අවධානයෙන් සිටීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කෙරිණ.
බීබීසී ඇසුරිණි
085
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයෙන් එන සුළඟින් කොරෝනා පැතිරෙතැයි උතුරු කොරියාව බිය වෙයි
De Saturday, 24 October 2020 12:54 PM
එහෙ සමාජගත වෙලා නේද?