
ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමිය යුතු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්ක් රූබියෝ අවධාරණය කරයි. රූබියෝ මෙසේ පැවැසුවේ, බටහිර ජෙරුසලමේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.
රූබියෝගේ මෙම ප්‍රකාශය හමාස් සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ මේ වනවිට පවතින සටන් විරාමයට එය බාධාවක් වීමට ඉඩ ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ද හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් කර ඇත. ඒ, හමාස් ග්‍රහණයේ සිටින සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එකවර නිදහස් කරන ලෙසටය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පවත්වා, ගාසා තීරය නමැති බිම් තීරුව ඇමෙරිකාවට පවරා ගැනීමට සූදානම් වෙයි.
ට්‍රම්ප් පවසා ඇත්තේ ගාසා තීරය, ඇමෙරිකාවේ පාලනයට ගෙන එය සංවර්ධනය කර ආපසු පලස්තීන වැසියන්ට ලබා දෙන බවය. එතෙක් පලස්තීන වැසියන් ඊජිප්තුවේ හෝ ජෝර්දානයේ පදිංචි කරවන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
502
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාසා තීරයෙන් හමාස් මුලිනුපුටා දැමිය යුතුයි