IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ග්‍රහකයක් නොමඟ යවන්න නාසා රොබෝ යානයක්

විශ්වයේ ඈත පාවෙන ග්‍රහකයක් ඉලක්ක කර ගනිමින්, එහි ගැටීමට රොබෝ යානයක් යැවීමට ඇමෙරිකාවේ 'නාසා' ආයතනය කටයුතු කළේය. 'ඩාර්ට්' යන නමින් නම් කළ මෙම රොබෝ යානය, අද (24) 'ෆෝල්කන් 9' රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කෙරුණි.

'ඩාර්ට්' යානය යැවෙන්නේ ග්‍රහකයේ හැපීමටය. එම හැපීම මගින් ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීම නාසා විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි. අනාගතයේ දිනක යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමට පැමිණියහොත්, මේ අයුරින් යානයක් යවා එම ග්‍රහකයේ මඟ වෙනස් කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වෙයි.

ඒ අනුව, මෙය තවත් සුවිශේෂී, ඓතිහාසික අභ්‍යවකාශ වික්‍රමයක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම මෙහෙයුමේදී නාසා ආයතනය, 'ස්පේස් එක්ස්' පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී කටයුතු කරයි. 'ෆෝල්කන් 9' යනු  'ස්පේස් එක්ස්' සමාගම නිපදවා ඇති අධිබලැති රොකට්ටුවය. නාසා ආයතනය හිතාමතා රොබෝ යානයක් ග්‍රහකයක හැපීමට සලස්වන පළමු මෙහෙයුම මෙයයි.

ග්‍රහක යනු විශ්වයේ පාවෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ගේ කැබලිය. මේවා මෙසේ කැබැලි වී ඇත්තේ විශ්වය ආරම්භයේ දී සිදුවුණු ඝට්ටන සහ පිපිරීම් නිසාය. අප පෘථිවියේ හැපී අනතුරක විය හැකි යෝධ ග්‍රහක 8,000 ක් පමණ තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

අතීතයේ විසූ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙනි. අනාගතයේ දිනෙක ඒ අයුරින් ග්‍රහකයක් පෘථිවියේ ගැටුණොත්, මනුෂ්‍ය වර්ගයාගේ ද අවසානය සිදුවනු ඇතැයි බිය පළ කෙරේ.

අනාගතයේ පෘථිවියේ හැපීමට නියමිත ග්‍රහකවලින් පෘථිවිය බේරා ගැනීමේ අරමුණ ඇතිව, 'ඩාර්ට්' මෙහෙයුම පෙරහුරුවක් ලෙස මෙසේ ආරම්භ කරන බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත. 'ඩාර්ට්' යන්නෙහි අර්ථය, 'ග්‍රහක මඟ වෙනස් කිරීමේ පරීක්ෂණය' යන්නය. 'ඩාර්ට්' මෙහෙයුමට වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 325 කි. නාසා ආයතනය 'ඩාර්ට්' මෙහෙයුම සැලැසුම් කර ඇත්තේ 2017 වසරේදීය. 'ඩාර්ට්' යානය නිපදවීමට නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළත්, යුරෝපා සහ ජපන් අභ්‍යවකාශවල තාක්ෂණික සහාය ද ඊට හිමිවී ඇත.

'ඩාර්ට්' යානය රැගත් 'ෆෝල්කන් 9' රොකට්ටුව අභ්‍යවකාශය බලා යෑම සිදුවූයේකැලිෆෝනියාවේ 'වැන්ඩෙන්බර්ග් ස්පේස්ෆෝස්' අභ්‍යවකාශ කඳවුරෙනි. පෘථිවි කක්ෂයට ගිය පසු 'ඩාර්ට්' ග්‍රහකය බලා ගමන් ආරම්භ කරනු ඇත්තේ, පළමුවෙන් පෘථිවියේ ගුරුත්වා බලය යොදා ගනිමින් හිරු වටා යමිනි.

'ඩාර්ට්' යානය වසරක පමණ කාලයක් තුළ කිලෝ මීටර් බිලියන ගණනක් දුර විශ්වයේ ඈත පාවෙමින් පවතින ග්‍රහක යුගලයට කිට්ටුවෙයි. 'ඩිඩිමෝස්' සහ 'ඩිම්මෝපස්' යනු එම ග්‍රහක යුගලයයි.

මෙම ග්‍රහක හිරු වටා යන අතර ලබන වසරේ එනම් 2022 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 1 අතර කාලයේ පිහිටන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 6.8 ක් දුරිනි. එම කාලය ඇතුළත 'ඩාර්ට්' යානය 'ඩිම්මෝපස්' ග්‍රහකයේ හැපීමට නාසා ආයතනය යානයට උපදෙස් දී තිබේ. 'ඩිඩිමෝස්'ගේ විශ්කම්භය මීටර් 780 කි. 'ඩිම්මෝපස්'ගේ විශ්කම්භය මීටර් 160 කි. 'ඩාර්ට්' යානය ලැබෙන උපදෙස් අනුව යමින් 'ඩිම්මෝපස්' ග්‍රහකයේ හැපෙනු ඇත්තේ

පැයට කිලෝ මීටර් 24,000 ක වේගයකින් බව ද නාසා කියයි. එමගින් ග්‍රහකයේ ගමන් මඟ තත්පරයකට මිලිමීටර් ගණනකින් වෙනස් කිරීමට නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

'මේක ඇත්තටම ලෝකයට ඉතාමත් වැදගත් පෙරහුරු මෙහෙයුමක්. මෙහෙයුම සාර්ථක වේවිද නැද්ද යන්න දැනගන්න අපට තවත් වසරක් පමණ බලා සිටින්න වෙනවා. අනාගතයේ ග්‍රහක අනතුරකින් පෘථිවිය බේරා ගැනීමට ඇති එකම විසඳුම වන්නේ මෙයයි' යැයි නාසා ආයතනය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

 



අදහස් (2)

ග්‍රහකයක් නොමඟ යවන්න නාසා රොබෝ යානයක්

sachith Thursday, 25 November 2021 10:44 AM

ඒ රටවල් ග්‍රාහකයක් නොමඟ යවන්න හදනවා.අපේ රටේ ග්‍රාහකයෝ මිනිස්සුන්ව නොමග යවනවා

:       1       11

sasan Thursday, 30 December 2021 01:02 PM

හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2542 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site