IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

බයිඩන් මෙසේ පැවැසුවේ, නිව්යෝක් නුවර සිය මැතිවරණ කටයුතුවල යෙදෙමින්, අයිස් ක්‍රීම් අවන්හලකට ගොස්, අයිස් ක්‍රීම් රස බලමින් සිටියදී, අවන්හල ඉදිරිපස සිටි මාධ්‍යවේදියකු කෑ ගසමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මධ්‍යවේදියා බයිඩන්ගෙන් ඇසුවේ, ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් වන්නේ කවදාද යන්නය.

‘දීර්ඝ විස්තරයක් කරන්න මට පුළුවන් කමක් නැහැ. තවමත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සාකච්ඡා පැවැත්වෙනවා. ඒත් මට කියන්න පුළුවන් ලබන සඳුදා වෙද්දී, සටන් විරාමයක් ආරම්භ වේවි.’ යැයි බයිඩන් පැවැසුවේ, අයිස් ක්‍රීම් තොල ගාමිනි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය, මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඊට ඉදිරිපත් වෙයි. ඊට පෙර, ජනපද මට්ටමින් ඡන්ද පැවැත්වෙයි. ඒ, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා වීමට ඇති ජනප්‍රියත්වය උරගා බලමිණි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, බයිඩන් පරිපාලනයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායලය දිගින් දිගටම, ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑම, පලස්තීන වැසියන් සමූල ඝාතනයක් යැයි ඇමෙරිකන් තරුණ ප්‍රජාවගේ අදහසය. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී බයිඩන්ගේ සහාය ඊශ්‍රායල රජයට හිමිවීම එලැඹෙන ජනාධිපතිවරණයේ දී අවාසියක් වනු ඇතැයි ද පැවැසෙයි.

නිව්යෝක් නුවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර, ධවල මන්දිරයට යෑමෙන් පසු, බයිඩන් සිය ආරක්ෂක අංශ උපදේශකයන් ද හමුවී සාකච්ඡා පවත්වා මාධ්‍ය හමුවක් කැදවීය.

එහිදී ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊශ්‍රායල හමාස් සටන් විරාමය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනාවරණය කළේය. රාමදාන් මාසය නිමිත්තෙන්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළැකී සිටීමට ඊශ්‍රායල රජය එඟත්වය පළ කළ බව බයිඩන් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

මේ අතර, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය ‘ජනසංහාර’ සිදු කරන්නේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් කොළ එළියක් ලැබී ඇති නිසා බවත්, පලස්තීන වැසියන් කිසි දිනෙක බයිඩන්ට සමාව නොදෙනු ඇති බවත් හමාස් සංවිධානය කියයි. ජෝ බයිඩන් ඉතාමත් නින්දිත ජනාධිපතිවරයකු ලෙස ඇමෙරිකන් ඉතිහාසයට එක්වනු ඇතැයි ද හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්

චන්දන Tuesday, 27 February 2024 01:47 PM

දැන් පැහැදිළියිනේ ලොකයේ යුද්ධ පවත්වාගෙන යාම තීරණය කරන්නේ කවුද කියලා..!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site