ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින්නේ අල් ෂීෆා රෝහලේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් රෝහල් දෙකට හානි සිදුවුණු බව පැවැසෙයි.
පලස්තීන පාලන අධිකාරිය වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ උතුරු කොටසට පමණක් නොව, දකුණු කොටසට ද දිගින් දිගටම පහර දෙමින් සිටින බවය. ඊට අමතරව, බටහිර ඉවුරේ ඊශ්‍රායල පලාන ප්‍රදේශවල ද ඊශ්‍රායල හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මේ වනවිට හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ආරම්භ වුණු ගැටුම්වලින් දෙපාර්ශ්වයේම 6,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවය.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා රෝහල් දෙකකට ප්‍රහාර