
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමට සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසා තිබේ.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් යැයි පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ අදහසය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවුණු අවස්ථාවේදී ද අබ්බාස් මේ බව යළිත් වරක් තහවුරු කළේය.
ඊශ්‍රායලය ලෙස යුදෙව්වන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් බිහිවූ දා පටන්, පලස්තීනුවෝ ගාසා තීරයටත් බටහිර ඉවුරටත් පමණක් සීමා වී සිටිති. ගාසා තීරය සහ බටහිර ඉවුර ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය.
පලස්තීන පාලන අධිකාරිය යටතේ පවතින්නේ බටහිර ඉවුර වන අතර, ජනාධිපති අබ්බාස් සිටින්නේ මෙම බටහිර ඉවුරේය. අබ්බාස් නියෝජනය කරන්නේ ‘ෆාටා’ දේශපාලන පක්ෂයයි.
‘ෆාටා’ දේශපාලන පක්ෂයේ එදිරිවාදීන් ලෙස සැලකෙන්නේ හමාස් සංවිධානයයි. 2007 වනතුරු ගාසා තීරය පලස්තීන පාලන අධිකාරිය යටතේ පැවැත්වුණු අතර, 2007 වසරේ දී හමාස් සංවිධානය බලයට පත් විය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.
ඊශ්‍රායලය, ඇමෙරිකාව, යුරෝපා සංගමය හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. ඊශ්‍රායල හමුදා මේ මොහොතේ ගැටෙන්නේ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශ සාමාජිකයන් සමඟය. ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමා ඔවුන් බලයෙන් නෙරපා දැමීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබේ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාසා තීරයේ බලය අතට ගන්න පලස්තීන පාලන අධිකාරිය සූදානම්