ගාසා තීරය ආක්‍රමණයට සූදානම් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සියලු දෙනාට මරණය උරුම බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, ජාතිය අමතමිනි.
‘ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම අපේ අරමුණයි. හමාස් සංවිධිනයේ පාලන බලය අපි බිඳ දමනවා. හමුදා ශක්තිය නැති කරනවා. අල්ලා ගත් ඊශ්‍රායල වැසියන් අපි මුදා ගන්නවා’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු ජාතිය අමතමින් පෙන්වා දුන්නේය.
එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, අමාත්‍ය බෙනී ගෑන්ට්ස් සහ ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීහු ද එක් වී සිටියහ.
ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරය වට කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා දේශසීමාවේ රැඳී සිටින්නේ, ගාසා තීරයේ උතුරුදිග පළාත් හරහා පහර දෙමින් ගාසා තීරයට කඩා වැදී ආක්‍රමණය සූදානමින්ය.
ඊශ්‍රායල ගුවන් හමුදාව පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම ගාසා තීරයට පහර දෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා ආක්‍රමණයට සූදානම් - නෙදන්යාහු කියයි