පවුම් 500 (රුපියල් 97500) කට ළග සිට වල්ගා තරු නැරැඹීමට අවස්ථාව ලබා දීමට ජර්මනියේ එක්ලිප්ස් ට්‍රැවල් නම් සංචාරක සේවා ආයතනයක් සැරසේ.
මෙම මස 16 වැනිදා පෘථීවිය පසුකර ගමන් ගන්නා පෙන්-ස්ටාර්ස් නම් වල්ගා තරුව උඩු ගුවනේ සිට නැරඹීමේ අවස්ථාව මෙම ආයතනයේ සේවා ලබාගන්නෙකුට හිමිවේ.තවද වසර අගභාගයේදි පෘථීවිය පසුකර යෑමට නියමිත අයිසොන් නම් වල්ගා තරුව නැරැඹීමේ අවස්ථාව ලබා දීමටද ඔවුන් සූදානම්ය.
අඩි 40000 පමණ උසකින් පියාසර කරන බෝයිංග් 737 - 700 යන වර්ගයට අයත් ගුවන්යානයක නරඹන්නන් රැදැවෙනු ඇත.මේ ගුවන් යානයක මගීන් 100 ක් රැගෙන යා හැකි වුවත් සියලු දෙනාට ගුවන්යානයේ ජනේල අසළ වාඩි වීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් නරඹන්නන් ගණන 88 කට සීමා කිරීමට තීරණය කළ බව එක්ලිප්ස් ට්‍රැවල් ආයතනය පවසයි.
අඩි 40000 ක් ඉහළ අහසේ වාතය ඉතා තුනී හා පිරිසිදු හෙයින් පෘථීවිය පසුකර යන වල්ගා තරුව හොදින් නැරැඹීමට සිය මගීන්ට අවස්ථාව සැළැසෙනු ඇතැයි එක්ලිප්ස් ට්‍රැවල් ආයතනයේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවනට ගිහින් වල්ගා තරු පෙන්නයි
ජෙස්මින් Thursday, 07 March 2013 01:34 AM
ඒකනම් හොදයි තමයි. (නි)
සකු Wednesday, 06 March 2013 04:31 PM
ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
බාර්ට් Thursday, 07 March 2013 10:12 PM
මමත් යන්නයි ඉන්නේ. ෆොටෝ අරගෙන ලංකාදීපයට දෙනවා. (නි)
සුනිල් Wednesday, 06 March 2013 06:19 PM
අනාගතය ගැන මවන්න වෙන්නේ අමුතු සිහින (දී)
එරංග Friday, 08 March 2013 04:22 PM
බාර්ට්, ඔයාට පිස්සුද? උඩට යද්දී ප්ලේන් එකට එකක් හරි වැදුණොත්? (නි)
තුහාර Wednesday, 06 March 2013 07:18 PM
අපිටනම් එපා (දී)
නිෂ්තාර් Wednesday, 06 March 2013 02:12 PM
මේවා අහනකොට අපිට තරු පෙනෙනවා.(නදී)